අප්‍රිකාවේ කොරෝනා මාරයා ලෝකේ වටේ ගිහින්. ලංකාවටත් රිංගලා දැයි සොයයි !

Published in පුවත්
Tuesday, 31 August 2021 21:50

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තික කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

සියලු කොවිඩ් ප්‍රභේද අභිබවා යමින් ඉහළම විකෘතිතා පෙන්නුම් කරන මෙම නව කොවිඩ් ප්‍රභේදය කොවිඩ් මර්දන එන්නත් මගින් නිෂ්පාදනය කෙරෙන ප්‍රතිශක්තිය පවා අභිබවා යෑමට සමත්වූවක් ලෙස වෛද්‍ය පර්යේෂකයෝ සැක පළ කරති.

කෙසේ වෙතත් C.1.2 නමැති මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටින් මෙතෙක් හමු වී නැතැයි පැවසූ ජීවන්දර මහතා ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවද ප්‍රකාශ කළේය.

මෙම වයිරස ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනීමෙන් පසුව එංගලන්තය,චීනය, කොංගෝ,මොරිසස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යනාදි රටවලින්ද සොයා ගැනුණු බවත් මෙය ඩෙල්ටා ප්‍රභේදයට වඩා කොපමණ ප්‍රබල දැයි යන්න සම්බන්ධයෙන් ලෝකය පුරා විමර්ශන ආරම්භ වී ඇති බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නව විකෘතිතා සහිත ප්‍රභේදය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් වැඩි යැයි සඳහන් වේ. ඒහි විකෘති භාවයේ ප්‍රමාණය සියයට 41.8ක් ලෙස හඳුනාගෙන ඇත.

මෙම මාරාන්තික C.1.2 ප්‍රභේදය පළමු වරට සොයා ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේ දීය. දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික පර්යේෂණායතනය එම ප්‍රභේදය සොයා ගත්තේය.

මේ අතර ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරට පිට පළාත්වලද පැතිර ඇත්දැයි සෙවීමට ලබන සතියේ දී පරීක්ෂණයක් අරඹන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us