තව සති දෙකකින් කොවිඩ් අඩු වෙනවා - වෛද්‍ය හේමන්ත හේරත්

Published in පුවත්
Tuesday, 31 August 2021 11:37

ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට හැකිවෙතැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ වනවිට දින දහයක කාලයක් රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකකරමින් වයිරසය පැතිරයාම වළක්වා ගැනීමට ගත් පියවරට අනුව ජනතාව හැසිරී තිබෙන ආකාරය ද ඉදිරි දිනවල වාර්තාවන ආසාදිතයන් අනුව තේරුම්ගත හැකි යැයි ද ඒ මහතා කීය.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති සීමාව කොයි මොහොතක හෝ ඉවත්කරන බැවින් ඊට පෙරාතුව පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරවන නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සැකසීමට ඒ ඒ අංශවල බලධාරීන්, නිලධාරිනී කටයුතු කළයුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. නොමැතිනම් රට විවෘත කළ සැණින් වයිරසය යළි පැතිරීයනු ඇතැයි ද ඒ මහතා කීය.

සෞඛ්‍ය අංශවලට පමණක් මේ වයිරසය පාලනය කළ නොහැකි බැවින් එකිනෙකා අතර දුරස්ථභාවය තබාගෙන එදිනෙදා කටයුතු කරගෙන යාහැකි ලෙස සෑම අංශයක්ම ආවරණයවන පරිදි නව ආරක්ෂිත ක්‍රමවේද සැකසීම අත්‍යවශ්‍ය යැයි ඒ මහතා අවධාරණය කළේය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us