වෛද්‍ය ප්‍රසන්නගේ කතාවෙන් එන්නත්කරණයට ගැටලු ! පී.එච්.අයි. සංගමයෙන් ජනපතිට ලිපියක් !

Published in පුවත්
Tuesday, 31 August 2021 11:24

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 360 සඳහා සීමාවන්ට යටත්ව එන්නත් නිකුත් කරන තත්ත්වයකදී ඉලක්ක ගත කණ්ඩායම්වලට වඩා දෛනිකව වැඩි පිරිසක් එන්නත්කරණයට පැමිණීම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කළ ප්‍රකාශයක්ද මීට පදනම් වී ඇති බවයි. දිවයිනේ ඕනෑම ස්ථානයකින් පුරවැසියන්ට එන්නත් ලබාගැනීමට හැකියාව ඇති බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඖෂධ සැපයුම් අංශයෙන් ප්‍රාදේශීය ඖෂධ සැපයුම් ගබඩා වෙත නිකුත් කරන එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලැබෙනුයේ ජනගහනය මත පදනම්ය. ලැබෙන එන්නත් සීමිත නිසා අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් එන්නත් ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ශීත කාමරවල සිටින බිම් මට්ටමේ අවබෝධයක් නොමැති නිලධාරීන් ප්‍රකාශ නිකුත් කිරීම නිසා දැඩි අර්බුදයක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

මෙම තත්ත්වය වහාම නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. උදාහරණයක් ලෙස කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙවැනි මාත්‍රාව ලබා දීමට ඊයේ (30 වැනිදා) දිනයේ ලැබී ඇත්තේ එන්නත් 2000ක් පමණි. නමුත් එන්නත් ලබා ගැනීමට 5000ක පිරිසක් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. එහෙත් යුද හමුදාව මගින් පැවැත්වෙන ප්‍රධාන එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන දෙකට පැය 24 පුරාම එන්නත් ලැබෙන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us