ටොසිලිසුමාබ්’ ලක්ෂයේ එන්නත ලක්ෂ අටකට !

Published in පුවත්
Tuesday, 31 August 2021 11:13

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකුට ‘ටොසිලිසුමාබ්’ නමැති එන්නත රුපියල් ලක්ෂ අටක් ගෙවා දෙමටගොඩ ප්‍රදේශයෙන් ලබාගෙන ඇති බව අනාවරණය වේ.

මෙම එන්නතේ සාමාන්‍ය මිල රුපියල් ලක්ෂයක් පමණ වෙයි. දෙමටගොඩ ප්‍රදේශයේ ඔසුසලක හිමිකරුවන්ගෙන් මෙම එන්නත ලබාගෙන ඇත්තේ වෛද්‍යවරයකුගේ නිර්දේශය මතය. මෙම රෝගියා ජපානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මෙම එන්නත වෛද්‍ය සැපයීම් අංශයේ හෝ පෞද්ගලික රෝහල්වල නොමැති බවයි. ශ්‍රී ලංකාවට මෙම එන්නත ආනයනය කරනු ලබන්නේ පෞද්ගලික සමාගමක් විසිනි. ඒ කෝටා ක්‍රමයකටය.

එම සමාගම ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ ඉදිරි දෙසතිය ඇතුළතදී එන්නත් 600ක් මෙරටට ලැබීමට නියමිත බවයි.

මෙම එන්නත වෙනත් රටවලින් ලබාගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කළ උත්සාහයක්ද ව්‍යාර්ථ වී තිබේ. ‘ටොසිලිසුමාබ්’ එන්නත කොවිඩ් නිව්මෝනියා මෙන්ම අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබාදෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us