අප්‍රිකාවේ පැතිරෙන මාරාන්තික ප්‍රභේදය ලංකාවට පැමිණීම වැළැක්විය නොහැකි !

Published in පුවත්
Wednesday, 01 September 2021 11:57

දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික කොවිඩ් වයිරසය ශ්‍රී ලංකාවට පැමිණිම කිසිසේතම වැළැක්විය නොහැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජාන විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.

වයිරසය මෙරටට පැමිණිය ද, ඉන් ආරක්ෂා වීමට නම් නිවැරදිව මුව ආවරණ පැළඳීම ඇතුළු කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව ද ඒ මහතා කීයා සිටි.

එන්නත්කරණය මඟින් වයිරසයෙන් ආරක්ෂා වීමට කිසියම් හෝ සහනයක් ජනතාවට සැලසෙන බවත් නමුත් ලෝකයේ බහුතරයක් ජනතාව එන්නත්කරණයට ලක් කර අවසන් වන තෙක් වයිරසයේ නව ප්‍රභේදයන් බිහි වීම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා පැවසුවේය.

කොවිඩ් ආසාදිතයන්ට ඇතුළු විය නොහැකි ලෙස දැඩි සීමාවන් පනවමින් පුද්ගලයන් එන්නත්කරණයට ලක් කළද නවසීලන්තය තුළට ද දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික වයිරස් ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීමට නොහැකි වූ බවද ඔහු පවසා ඇත.

ඇල්ෆා, ඩෙල්ටා ප්‍රභේදයන් ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමට නොහැකි ලෙස කටයුතු කළ ද පසුකාලීනව ආසාදිතයන් සමාජයෙන් වාර්තා වූ බවත් සංචාරක ව්‍යාපාරය ක්‍රියාවට නොනංවා ශ්‍රී ලංකාව වසා දැමීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බවත් ඒ මහතා සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us