මේ අපවත්වී ඇත්තේ, නාමල්ගම රජමහා විහාරස්ථානයේ වැඩ විසූ විහාරාධිපති, ගාල්ලේ ශ්රී නන්දරතන හිමියන් ය. අපවත් වනවිට උන්වහන්සේ 65 හැවිරිදි වියේ පසුවිය.
මිය ගිය අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 45කි.
රෝහල් ගත කරන විටත් මෙම ස්වාමීන් වහන්සේ හා අනෙක් පුද්ගලයා ද ජිවිතක්ෂයට පත්ව සිට ඇත.
අපවත් වූ හිමියන්ගේ දේහය හා අවතෙවකරුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව රෝහලට රැගෙන ගොස් තිබේ.
මාස 7කින් පමණ පසුව වවුනියාව දිස්ත්රික්කයට ඊයේ පස්වරුවේ පොද වැස්සක් ඇදහැලී ඇති අතර, ඒ සමග විහාරස්ථානයට අකුණුසැර වැදී ඇත.