නොරොච්චෝලේ පුළුල් නොකරන ජනපතිගේ තීරණය අගයනවා... - හලාවත රදගුරු

Published in පුවත්
Thursday, 15 July 2021 12:01

නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරය තවදුරටත් පුළුල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය හලාවත පදවි පූජක, ගිහි සියලූ දෙනාම අගය කරන බවත් හරිත ආර්ථිකයක් කරා රට ගෙනයන්නට නම් සොබා දහමෙන් අපට ලැබී ඇති සම්පත් උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගැනීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත්, වැලන්ස් මෙන්ඩිස් හලාවත පදවි රදගුරුතුමන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

එහි මෙසේද දැක්වේ.

බලශක්තිය සඳහා ගල් අඟුරු භාවිතය මේ වනවිට මුළු ලෝකය පුරාම ප‍්‍රතික්ෂේප කරන බව කවුරුත් දන්නා කරුණකි. එයට හේතුව නම් පරිසරයට සහ මිනිස් ජීවිතවලට එයින් සිදුවන හානියයි. අපට දැනගන්නට ලැබී ඇති පරිදි විදුලිබල මණ්ඩලය විසින් නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය මෙගාවොට් 600 ක් අදියර දෙකක් තුළ පුළුල් කිරීමට අදහස් කර තිබුණි. මෙවන් අවස්ථාවක ජනාධිපතිතුමා එයට එරෙහිව ගෙන ඇති තීරණයට අපගේ කෘතඥතාවය හිමිවේ. බලශක්තිය පිළිබඳ රජයේ දැක්ම අනුව 2030 වනවිට විදුලිබල ධාරිතාවයෙන් 80‍% ක්ම පුනර්ජනනීය ක‍්‍රමවේද භාවිතයෙන් සිදුවිය යුතුය.

විදුලි බලය නිපදවීම සඳහා ලොව අහිතකරම අපද්‍රව්‍ය වන ගල් අඟුරු භාවිතය තුළ අපගේ වර්තමාන ජනතාවටත් අනාගත පරපුරටත් පාරිසරික දූෂණය නිසා මුහුණදීමට සිදුවන විපාක ඉතා විනාශකාරී වනු ඇත. නිවර්තන කලාපීය දේශගුණයක් ඇති රටක් වන ශ‍්‍රී ලංකාව තුළ සුළං සහ තාපබලාගාර උපරිමයෙන් භාවිතා කර විදුලිබලය නිපදවිය යුතු බව පැහැදිලි කරුණකි. එමෙන්ම ජල විදුලි බලයෙන් වසර ගණනාවක සිට විදුලිබලය උත්පාදනය කරනු ලබයි. මේවා සොබා දහමෙන් අපට ලැබී ඇති දායාදයන්ය. ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් හැමවිටම සංවර්ධනය සඳහා කෙටිකාලීන නොව තිරසාර විසඳුම් කරා යා යුතුය.

-දිවයින

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us