පාස්කු දා ප‍්‍රහාරයට ගෑවුණු කාටවත් ගැලවීමක් නෑ - අගමැති

Published in පුවත්
Thursday, 15 July 2021 11:55

පාස්කු ඉරිදා සිදුකළ ප‍්‍රහාරයන් පිළිබඳව නීති ප‍්‍රකාරව තහවුරු වි සිටින ලොකු පොඩි සෑම සැකකරුවකුටම ගැලවීයෑමට කිසිදු ඉඩක් නොතබන බවට දැඩි අවධාරණයෙන් කියා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව දැනට සිදු කෙරෙන විමර්ශන කටයුතු ප‍්‍රමාද නොකර කඩිනම් කිරීමට දැනටමත් ක‍්‍රියා කරගෙන යන බවත් ,පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව ආණ්ඩුව ක‍්‍රියාකරන ආකාරය කාගේත් දැඩි අවධානයට යොමු වී තිබියදී ජනාධිපති විමර්ශන කොමිසමෙන් හෙළි වූ පුද්ගලයන්ට නිදැල්ලේ සිටීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව ද අගමැති සදහන් කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව නම ගෑවුණු උදවියට නීතියෙන් බේරීයෑමට කිසිම මොහොතක ඉඩ නොතබන බවත් නීති ප‍්‍රකාරව කාට කාටත් දඬුවම් හිමිවන බව ද අගමැතිවරයා අවධාරණය කරයි.

මේ පිලිබදව අදහස් පලකළ අග‍්‍රාමාත්‍යවරයා ,

'' අද කාගේ කාගේත් මාතෘකාව වී ඇත්තේ පාස්කු ඉරිදා සිදුකළ ප‍්‍රහාරයයි. මේ පිළිබඳව ගනු ලබන ක‍්‍රියාමාර්ග ගැන මුළු ලෝකයම බලා සිටිනවා. එසේ තිබියදී අපි කවුරුවත් බේරා ගැනීමට උත්සාහ ගන්නේ නැහැ''

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us