දීප ව්‍යාප්ත අලිවැට නඩත්තු කිරීමේ ස්වේච්ඡා බලකායක් !

Published in පුවත්
Thursday, 15 July 2021 09:57

වන අලි - මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම, ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බලකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ වන අලි- මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා දීප ව්‍යාප්ත අලිවැට ඉදි කිරීම පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් අරලියගහ මන්දිරයේ දී ය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පමණක් මෙහි සමස්ත වගකීම නොපැවරෙන පරිදි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය ආයතන, නිලධාරීන් සහ ග්‍රාමීය ප්‍රජා සංවිධාන ඇතුළත් ස්වේච්ඡා බලකායක් මගින් මෙම වන අලි - මිනිස් ගැටුම් පාලනයට කළ හැකි බව මෙහි දී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
2021 වර්ෂයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස විදුලි වැට කිලෝමීටර 1500ක ප්‍රමාණයක් දීප ව්‍යාප්ත ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට ඊට අදාළ අමුද්‍රව්‍ය සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන්ව ඇති අතර දිස්ත්‍රික්ක 19ක් ආවරණය කරමින් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය වනජීවි කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල අලි වැට ඉදිකිරීම සඳහා දායකත්වය සපයයි.
දැනට ඉදිකර තිබෙන කිලෝමීටර 4500ක් පමණ වන අලිවැට නඩත්තු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 3900ක් යොදා ඇති අතර ඊට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1500ක පිරිසක් අනුයුක්ත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී හෙළි විය.

-පංචාලි අබේසේකර

ali 1ali4ali3ali 2

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us