අවු : 30ට වැඩි පිරිසෙන් 36%කට එන්නත දී අවසන්

Published in පුවත්
Thursday, 15 July 2021 12:06

අවුරුදු 30ට වැඩි පිරිසෙන් සියයට 36කට කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව දී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේය.

කොවිඩ් මර්දන එන්නත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දෙවැනි මාත්‍රාවද සියයට 13කට දී අවසන් බවත් කොවිඩ් මර්දන එන්නත් වැඩසටහන ක්‍රියාත්මක ලෝකයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (14) පැවසුවේය.

කොවිඩ් මර්දන එන්නත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් සියයට 70කට පළමු මාත්‍රාවද, සියයට 25කට දෙවැනි මාත්‍රාවද දී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් සියයට 56කට පළමු මාත්‍රාවද, සියයට 21කට දෙවැනි මාත්‍රාවද, කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් සියයට 54කට පළමු මාත්‍රාව ද, සියයට 20කට දෙවැනි මාත්‍රාවද දී තිබේ.

ඉදිරි සති දෙක තුන තුළදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 6ක් පමණ මෙරටට ලැබීමට නියමිත බවත් එන්නත්කරණ වැඩසටහන නිසා කොවිඩ් වැලඳීමෙන් වන මරණ හා සංකූලතා අවම කර ගත හැකි බවත් හෙතෙම පැවසීය.

කොවිඩ් - 19 මර්දනය සඳහා එක් දිනකදී දුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලෙස 337,445ක් පෙරේදා (13) දුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

දින 156ක් තුළදී මෙරට ජනගහනයෙන් 4,520,537කට මේ වන විට එන්නත් පළමු මාත්‍රාව දී ඇති අතර, දෙවැනි මාත්‍රාව 1,537,230 කට දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත එන්නත් වර්ග 4ක් මෙරට දැනට භාවිත කරන අතර, එම එන්නත් වර්ග වනුයේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම්, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් v, අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත්ය.

කොවිඩ්ෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව 925,242කට ද, දෙවැනි මාත්‍රාව 385,885කට ද, සයිනොෆාම් පළමු මාත්‍රාව 3,417,525කට ද, දෙවැනි මාත්‍රාව 1,136,881කට ද, ස්පුට්නික් v පළමු මාත්‍රාව 154,003කට ද, දෙවැනි මාත්‍රාව 14,464කට ද, ෆයිසර් පළමු මාත්‍රාව 23,767කට ද මේ වන විට දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us