කාදිනල් හිමිගේ පෙත්සමට දින නියම වේ!

Published in පුවත්
Monday, 12 July 2021 13:10

මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුළ සිදුකෙරෙන වැලි ගොඩදැමීම, ඉඩම් කට්ටි කිරීම,නවසර ඉදිකිරීම් මෙන්ම නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමට දින නියම කර තිබේනවා .

එම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවෙ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්ය.

අද (12) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (12) එම පෙත්සම් කැඳවනු ලැබීය. ඒ අනුව පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, වත්තල හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එම රක්ෂිත කලාපයේ සිදුවන නීතිවිරෝධී ඉදිකිරීම්, වැලි ගොඩදැමීම් ,ඉඩම් කට්ටි කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියා නිසා එහි ජෛව පරිසර පද්ධතියට දැඩි හානියක් සිදු වී ඇති බවයි.

එබැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියා වැළකීමට පියවර ගැනීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන්, මුතුරාජවෙල සංරක්ෂිත කලාපය යළි මිණුම් ගත කර ඒ සඳහා නව මායිම් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us