වර්ජන නිසා ගිය වසරේ පැය 22,000 අහිමි වෙයි !  

Published in පුවත්
Monday, 12 July 2021 16:23

කොරෝනා වසංගත තත්වය පැවැති 2020 වර්ෂයේදී පවත්වා ඇති වැඩ වර්ජන 28කින් මිනිස් දින විසි දෙදහස් පන් සිය අනූවක් (22,590) රටට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මිනිස් දිනයක් යනු එක් පුද්ගලයකු දෛනිකව කරන වැඩ රාජකාරි ප්‍රමාණයයි.

එම වර්ෂයේ පළමු කාර්තුවේදී වැඩවර්ජන පහක් සිදුවී ඇති අතර ඉන් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන 1480කි.

එසේම දෙවැනි කාර්තුවේදී වැඩ වර්ජන දහයක් පවත්වා ඇති බවත් ඉන් මිනිස් දින 4073ක් රටට අහිමි වී ඇති බවත් මහබැංකු වාර්තාවක දැක්වේ.

මෙයට අමතරව තුන්වැනි කාර්තුවේදී වැඩ වර්ජන එකොළහක් සිදු වී තිබෙන අතර ඉන් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන දහසය දහස් පන්සිය පනස් නවයකි.

එම වර්ෂයේ සිවුවැනි කාර්තුවේ දී වැඩවර්ජන දෙකක් සිදුවී ඇති අතර ඉන් අහිමිවූ මිනිස් දින ගණන 478කි.

මේ අතර 2019 වර්ෂයේදී වැඩ වර්ජන 25ක් සිදුවී ඇත .එමගින් රටට අහිමි වී ඇති මිනිස් දින ගණන පනස් හයදහස් පන් සිය දෙකකි.

-ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us