ලීටර18 ගෑස් සිලින්ඩර රුපියල් 1150කට !

Published in පුවත්
Monday, 12 July 2021 08:54

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙළෙඳපොළට හඳුන්වා දුන් ලීටර දහඅටේ ගෑස් සිලින්ඩර රුපියල් 1150කට අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ ගැසට් නි​වේදනයක් නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගැනීමට සුදානම් වේ.

ගෑස් මිලදී ගන්නා අවස්ථාවකදී ලීටර්වලින් මැනීමට පාරිභෝගිකයාට නොහැකි බැවින් ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් 9.5ක් ලෙසද ගැසට් නිවේදනයේ සඳහන් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙරට ගෑස් සමාගම් දෙක විසින් රුපියල් 1493කට අලෙවි කරන කිලෝගෑම් 12.5 ගෑස් සිලින්ඩරවලට ගෑස් පුරවා ලීටර් 18ක් බව සඳහන් කරමින් වෙළෙඳපොළට මුදාහැරීම නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවකට පත්වූහ. මේ නිසා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර වෙළෙඳපොළේ හිඟයක් මතු විය. තවද මෙමගින් පාරිභෝගිකයා නොමග යැවීමක් සමාගම් දෙක විසින් සිදුකර ඇති බව මේ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us