අඛන්ඩ ගුරු වර්ජනයක් අද සිට !

Published in පුවත්
Monday, 12 July 2021 09:28

වෘත්තීය සමිති නායකයන් වන ජෝෂප් ස්ටාර්ලින් සහ පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිස අද (12 වැනිදා) වන විට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර නිරෝධායන මධ්‍යස්ථානවලින් නිදහස් කිරීමට කටයුතු නොකළහොත්,හෙට (13 වැනිදා) සිට රටපුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

සියලු දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති, බහුජන සංවිධාන නියෝජනය කරන වෘත්තීය සමිති 500 කට වැඩි ප්‍රමාණයක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ලංකා වෙළෙඳ​ හා කර්මාන්ත සංගම් ශාලාවේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත කියා සිටියේ රඳවාගෙන සිටින වෘත්තීය සමිති නායකයන් අද (12 වැනිදා) දිනය ඇතුළතදී නිදහස් නොකළහොත් හෙට (13 වැනිදා) සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවත් ඒ අනුව 14 වැනිදා සහ 16 වැනිදා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එක්ව දිවයින පුරා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත්ය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය,පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ වසන්ත දිසානායක ඇතුළු වෘත්තීය සමිති නායකයන් හා නියෝජිතයන් රැසක් මෙහිදී අදහස් දැක්වූහ.

මේ අතර,ඉහත ඉල්ලීම් මුල්කරගනිමින් ගුරු හා වෘත්තීය සමිති එකමුතුව සහ විදුහල්පති වෘත්තීය සංගම් 09 ක් අද (12 වැනිදා) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දැනටමත් තීරණය කර ඇත.රඳවාගෙන සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ඇතුළු බහුජන නියෝජිතයන් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිරෝධායනයෙන් නිදහස් කරන තෙක් සියලුම මාර්ග ගත ඉගැන්වීම්වලින් ඉවත් වන බවත්,උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගවලට අදාල ලේඛන සකස් කිරීමේ කටයුතුවලට අදාල කටයුතුවලින් ඉවත් වන බව එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අරුණට පැවසුවේය. අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගිවීමට ඊයේ (11දා) රාත්‍රියේ තීරණය කර ඇත.

මේ අතර නිරෝධායනයේ රඳවා සිටින ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤණානන්ද හිමියන් ඇතුළු සියලුම පිරිස් මුදාහරින ලෙස ඉල්ලා දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් එළඹෙන 14 වැනිදා සංකේත වැඩ වර්ජනයක යෙදෙන බව එම සංගමයේ සභාපති ලක්මාල් දිසානායක පවසයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us