කණ්ඩුල නම් වූ එම පැටවා වයස අවුරුද්දක් ව සිටියදී කැලයකින් අල්ලාගන පසුගිය වසර 3ක කාලය තුළ හීලෑ කර තිබේ.
හීලෑවූ අලි පැටවා කන්ටේනර් රථයක ට පටවා මහනුවර සිට මාතලේට ප්‍රවාහනය කර තිබෙන්නේ ලොහාන් රත්වත්තේට ලබාදීම සඳහාය.
එදින අලි පැටවා ප්‍රවාහනය කිරීමට යොදාගන ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැති නිසා සැක නොසිතෙන අයුරිනි.
අත් අඩංගුවට ගත් පැටවා මාතලේ අධිකරණය මඟින් පින්නවල ජාතික අලි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත බාර කර තිබෙන්නේ ඌ හීලෑ වී ඇති නිසා වනයට මුදා හැරීමට නොහැකි නිසාය.
(gossipbook.lk)