සෞඛ්‍ය ඇමැතිවරයා ගැටළු ඉදිරියේ නිහඬයි

Published in පුවත්
Friday, 15 August 2014 12:17
සූතිකා පුහුණුව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු විසඳීම සඳහා රජය විසින් පත්කළ කමිටුවට වෘත්තීය සමිති මගින් විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබුණද ඇමැතිවරයා ඇතුළු අදාල කමිටුව මේවනවිටත් කිසිඳු පියවරක් ගෙන නොමැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි. 
 නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසා සිටී 
 
නිවේදනය මෙසේය.
 
පවුල් සෞඛ්‍ය  වෛද්‍ය සංගමයේද සහයෝගය ඇතිව හෙද සේවාවේ පරිපාලනය හා කළමණාකරණය ප්‍රතික්ෂේප කිරීම හා සූතිකා පුහුණුවට එරෙහිවීම යන ගැටළු පදනම් කර ගනිමින් ආරම්භ කළ විරෝධතාවයන් නිසා සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රයම පසුගිය මාස 02 තුළ අර්බුධයකට පත්විය. 
 
එයට විසඳුම් සෙවීම සඳහා ඇමැතිවරයාගේ ඉල්ලීම් පිට රජය විසින් පී බී ජයසුන්දර මහතා පත් කෙරිණ. මෙම කමිටුව සඳහා සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අතිරේක ලේකම් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නියෝජිතයෙක්ද සම්බන්ධ කෙරිණ.
 
මෙම කමිටුව වෘත්තීය සමිති මගින් වෙන වෙනමත් එකටත් සාකච්ඡා කර විසඳුම් යෝජනා ඇතුලත් වාර්තාවක් සෞඛ්‍ය ඇමැතිට පසුගිය සතියේ භාර දුනි.
 
එහෙත් මීට විසඳුම් ලබාදෙමින් ගැටළු නිරාකරණය කිරීම ඇමැතිවරයා ඇතුළු බළධාරීන් කළ යුතු වුවවද තවමත් එය ප්‍රමාද කරමින් සීටීම බරපතල ගැටළුවක් බව සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙයි. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us