ලබාගත් ජෛව සාම්පල අනුව එම ප්‍රභේදය ආසාදනය වුවන් මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හමූ වු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
එසේම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වී ඇත. එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බව ද වාර්තා වී තිබේ.
-පංචාලි අබේසේකර