ධීවරයින්ගේ චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි !

Published in පුවත්
Thursday, 10 June 2021 11:25

ආණ්ඩුව විසින් අතිරික්ත මත්ස්‍ය තොග මිලදී ගැනිම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවට මත්ස්‍ය වෙළෙඳුන් සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ ධිවර සංස්ථාවේ, මත්ස්‍ය මිල දී ගැනිමේ මධ්‍යස්ථානයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද ස්ථාපිතව පවතින බවය.

සිය මත්ස්‍ය තොග අලෙවි කර ගැනිමට නොහැකි බවත් ඒවා මිලදී ගැනිමට ආණ්ඩුව විසින් නිසි වැඩපිළිවෙලක් මේ දක්වාත් ක්‍රියාත්මක කර නොමැති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් පිරිසක් ආණ්ඩුවට චෝදනා කර තිබුණි.

“මාළු මිල අඩුයි. ඒ වුණාට සෙනඟ නෑ මාළු කඩේ. මාළු ඔක්කෝම අයිස් දානවා. ඉතුරු වෙලා තියෙනවා. මාළු ඉතුරු වුණත් ආපහු ගන්නවා කිව්වා කවුරුත් එහෙම ආවේ නෑ. අපි හැමදාම මාළු අයිස් දාලා තේරුමක් නැතුව තියන් ඉන්නවා. ඒ නිසා මිනිස්සුන්ට කියන්න ඕනේ මාළු ඇවිල්ලා අරන් යන්න කියලා. නැත්නම් ධීවර ඇමති ඇවිල්ලා අපේ ඉතුරු මාළු අරන් යන්න ඕනේ.“

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ධිවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පළ කළේ, මෙවන් අදහසකි.

“පුද්ගලයින් දෙදෙනෙක් එක්තරා චෝදනාවක් එල්ල කරා ධීවර අමාත්‍යාංශයට හා ධීවර අමාත්‍යවරයාට හා ආණ්ඩුවට. ආණ්ඩුව කියපු ආකාරයට මත්ස්‍ය තොග මිල දී ගැනීමට ක්‍රියාවලියක් නෑ. නිලධාරීන් කිසිවෙක් එම පරිශ්‍රය තුළ නෑ කියලා. පුළුවන් නම් එවැනි නිලධාරීන් පෙන්නුම් කරන්න කියන එක. අපි පැහැදිලව එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය ගැන දන්න ඕන කෙනෙක් දන්නවා ධීවර අමාත්‍යාංශයේ ත් කාර්යාලය පිහිටා තිබෙන්නේ මේ පරිශ්‍රය තුළයි. මේ චෝදනාවෙන් පසුව මම පසු විපරමක් කරා මේ සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන්. ඔවුන් පැහැදිලිව පැවසු දෙයක් තමයි පෙ.ව 3සිට සියල්ල කටයුතු අඛණ්ඩව අවසන් වන තුරු එම කටයුතු නිසිලෙස සිදුකළ බව.“

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us