විශ්‍රාමලත් හෙද හෙදියන් නැවත සේවයට බඳවා ගන්න - අගමැති

Published in පුවත්
Thursday, 10 June 2021 10:09

විශ්‍රාම ලත් හෙද හෙදියන් සේවා අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (09) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබෙනවා.

හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා බව සඳහන් කර ඇත.

දිවයින පුරා හෙද හෙදියන් 34 000ක් පමණ මේ වන විට සේවයේ නිරත ව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලු සඳහා කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකක සඳහා නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ. දැනට වසරකට පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2000ක් තරම් අඩු පිරිසක් නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සෞඛ්‍ය ඇමැතිනිය පෙන්වා දුන්නා ය.
එම නුපුහුණු හෙද හෙදියන් අදාළ ඒකකවල සේවය කරන කාලය ද පුහුණු කාලයට එක් කරන ලෙසත් දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන ලෙසත් එහිදී අගමැති උපදෙස් දී ඇත.
එහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, දැනටමත් හෙද හෙදියන් 840 දෙනෙකුට දැඩි සත්කාර ඒකක සේවා සම්බන්ධයෙන් කෙටි කාලීන පුහුණුවක් දී ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසකට කඩිනම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කියා සිටියේ ය. එසේ ම හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සන්දේශය මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා මෙහි දී අනාවරණය කළේ ය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවයේ නිරත සියලු ම කාර්යය මණ්ඩල මේ වන විට විශිෂ්ට සේවයක් ඉටුකරමින් සිටින බව සිහිපත් කළ අගමැති මහින්ද රාජපක්ෂ , ඔවුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ කටයුතුවල ප්‍රගතිය ගැන විමසා බල තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ම දෙනාට පාහේ මේ වන විට කොවිඩ් එන්නත් ලබා දී ඇති අතර ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ට දෙවැනි මාත්‍රාව ලබා දීම මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වට්රයා එහිදී ප්‍රකාශ කර ඇත.
සංචරණ කාල සීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා හෙද උපාධිය ලබා දීමේ කාර්ය කඩිනම් කිරීම සඳහා ද අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමතිතුමියට දැනුම් දී තිබේ. මේ වන විට හෙද උපාධිය ලබා දීමේ කාර්ය නීති කෙටුම්පත් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී තීරණය විය.

-පංචාලි අබේසේකර

nures2nurs1nurs3nurs5nurs4

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us