මෙම එන්නත් ගෙන ඒම සඳහා කළ ප්‍රසම්පාදනයේදී අයැදුම් කළ සමාගම් දෙකක් අභියාචනා ඉදිරිපත් කිරීම හේතුවෙන් ආනයනය ප්‍රමාද වීම නිසා පිළිකා රෝගීන්ට එන්නත් හිඟයක් නිර්මාණය වී තිබිණි.
කෙසේ වෙතත් එම ගැටලුව අවසන් වී ඇති බැවින් එන්නත් කඩිනමින් ගෙන ඒමට තීරණය කර ඇති අතර ඒ සඳහා වැය කරන මුදල් රුපියල් කෝටි 22කි.
මෙම එන්නත් 32,000ක් මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ අතර කඩිනමින් 16000ක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
-පංචාලි අබේසේකර