සංචරණ සීමා දිගටම අවශ්‍යයි - විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Published in පුවත්
Monday, 31 May 2021 10:04

දැනට පනවා ඇති සංචරණ සහ අනෙකුත් සීමා කොවිඩ් රෝගය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යෝජනා කර සිටියි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වෙයි. එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වෙයි.

කොරෝනා වසංගතය දැනට වඩා සීග්‍ර ලෙස වර්ධනය වීමකට ලක් වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකක් නිසා වැඩිවිය හැක. එනම් කොරෝනා රෝගය නිසාම සිදු වූ මරණ සහ කොරෝනා රෝගීන්ගෙන් ආරෝග්‍යශාලා අනවශ්‍ය ලෙස පිරී යාමෙන් සෞඛ්‍ය අංශයේ සිදුවන අඩපණභාවය නිසා කොරෝනා නොවන එහෙත් අනිකුත් ප්‍රතිකාර කළ හැකි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් සිදුවන මරණයි. මේ නිසා අප යෝජනා කරන්නේ දැනට පනවා ඇති සංචරණ සහ අනිකුත් සීමා මෙම රෝගය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යන ලෙසයි.

මේ අවස්ථාවේදී අප සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රජය පනවා ඇති සංචරණ සීමා සහ අනිකුත් සීමා කිරීම් තමන්ගේ එදිනෙදා ජීවිතවලට කොතරම් බලපෑම් කළ ද තමන්ගේ සහ බහුතරයක් ජනතාවගේ සුබසිද්ධිය සඳහා උපේක්ෂා සහගතව මුහුණ දීමට ධෛර්යයෙන් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම මෙම ඉතා සංවේදී අවස්ථාවේදී සියලුම ජාති හිතෛෂී ජනතාවගෙන්, මාධ්‍ය ආයතනවලින් සහ සියලුම දේශපාලන සංවිධානවලින් ඉල්ලා සිටින්නේ තමන්ගේ පෞද්ගලික මත භේද අමතක කොට රටේ පොදු සුබසිද්ධිය උදෙසා එකට එක් වී කටයුතු කරන ලෙසයි.

එමෙන්ම අප සියලුම ජාති හිතෛෂී සංවිධානවලින් ඉල්ලා සිටින්නේ හැකිතරම් දුරට මෙම කරුණු මහ ජනතාවට තේරුම් කරදී ඒවාට අනුකූල වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසයි. අවශ්‍ය නම් ධනාත්මක සංවාදවලින් රජයට සහ සියලුම සෞඛ්‍ය සංවිධානවලට අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් අප රටේ මහ ජනතාවගේ පොදු සුබසිද්ධිය සඳහා කටයුතු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙසයි.

අවසාන වශයෙන් ඉතා වැදගත් වන්නේ රෝගය පැතිරීම හැකිතරම් අඩු කිරීමෙන් රට නැවත යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කිරීමයි. පොදු අරමුණකින් කටයුතු කිරීමෙන් මෙය පාලනය කළ හැකි බවත් අපගේ දැඩි විශ්වාසයයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us