ජනපති සීදුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණයට !

Published in පුවත්
Wednesday, 19 May 2021 11:27

සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

බ්‍රැන්ඩික්ස් (Brandix) ආයතනය ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 03කින් සමන්විත වේ. එක්වර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200කි. නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම් රැසක් මධ්‍යස්ථානය සතුය. යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් නිම කිරීම ද විශේෂත්වයකි.

රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවෝ පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කළහ.
ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දිය නොහැකි, එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාධිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතය. එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සහ අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.

බෝ නොවන රෝගවලට දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාධිතයන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සේවා සැපයීම ද විශේෂත්වයක් වේ. මෙහි ප්‍රතිකාර කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදා වෛද්‍ය බලකාය එක්ව සිදු කරනු ඇති.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

siduwa 3siduwa 4siduwa1siduwa 2

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us