අඩු ආදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස වෙනුවෙන් නිවාස ආධාර

Published in පුවත්
Wednesday, 19 May 2021 11:48

අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස ඉදිකර ගැනීම සඳහා නිවාස ආධාර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී දැනුම් දී තිබෙනවා.

එම උපදේශක සභාව ඊයේ (18) දින පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 02හි දී රැස්විය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 112හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව වෙත යොමු කළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරතුර අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනතෙහි සංශෝධන කෙටුම්පත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙහි දී උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළේ ය.

ගාල්ල සහ දිවුලපිටිය ප්‍රදේශවල වතු ආශ්‍රිත පැල්පත් නිවාස පිළිබඳ ව මන්ත්‍රීවරුන් පෙන්වා දුන් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවලට නව නිවාස යෝජනා ව්‍යාපෘති සැලසුම් කරන ලෙස ද අමාත්‍යංශ නිලධාරීන්ට අගමැති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් දී තිබේ.

මෙම අවස්ථාවට උපදේශන කාරක සභාව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොලවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කෝකිලා ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

home1home2home3home4home5home6

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us