පෝර්ට් සිටි පනත: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පුරවැසියන්ගේ ජයග්‍රහණයක් ! Featured

Published in පුවත්
Tuesday, 18 May 2021 23:11

පෝර්ට් සිටි පනතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව; පුරවැසියන්ගේ ජයග්‍රහණයක්!

නීතීයේ ආධිපත්‍යයේ භාරකාරත්වය හොබවන මෙරට අධිකරණය විසින් ලබාදුන් තවත් වැදගත් තීන්දුවක්!

සංශෝධන සහිතව කඩිමුඩියේ ගෙන එන කෙටුම්පත අංගවිකල පනතක් විය හැකි වන නිසා රටේ නීතියේ රාමුවට යටත්ව අලුත් කෙටුම්පතක් ගෙන ඒම කාලෝචිතවනු ඇත! (යහපාලන ආණ්ඩුවේ කෙටුම්පත හෝ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරිපත්කල කෙටුම්පත පදනම් කරගත හැක/දෙකම බොහෝ දුරට සමානය)
මෙම පනතේ අනෙකුත් විධි විධාන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු දෙවන වර කියවීමට වඩා පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ඡා කොට නව කෙටුම් පතක් ගෙන ඒම උචිත වන්නේය!

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ හරය;

ආණ්ඩුව මගින් ඉදිරිපත් කරනු ලැබු පෝර්ට් සිටි පනත තුල
1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ප්‍රතිපාදන
2) රටේ පවතින නීතිය සමග ගැටෙන ප්‍රතිපාදන ඇතුළත්ව තිබෙන බව ඒ පිළිබඳව උනන්දුවක් දැක්වුවන් ගේ මතය විය.

මේවන විට නිකුත්ව ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් එකී අංශ දෙක පිළිබඳව අවධානය යොමුවී ඇති අතර ව්‍යවස්ථාවට අනනකුල ප්‍රතිපාදන අරබයා සංශෝධන ගෙන එන ලෙසටත් එසේ නොමැති නම් තුනෙන් දෙකේ අනුමුතියයට යටත්විය යුතු වගන්ති හා ජනමතවිචාරණයකට යොමුවිය යුතු වගන්ති නම් කොට තිබේ.

මීට අමතරව පනතේ ප්‍රතිපාදනන සංශෝධනය විය යුතු ස්ථානයන්ද නීති පතිවරයා විසින් එකඟවු හා මැදිහත්කාර පෙත්සම් කරුවන් ආන්ඩුව වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධන සලකා බලමින් පෙන්වා දී ඇත. මෙම තීන්දුවේ පවතින විශේෂත්වය වන්නේ එලෙසට සංශෝධන ඉදිරිපත් කොට තිබියදී පවා එම සංශෝධනයන් ගෙන් එපිටට ගිය අනනුකුලභාවයන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මගින් වර්ග 7 ක් යටතේ පෝර්ට් සිටි පනතේ ප්‍රතිපාදනයන් හි පවතින අනනකුලභාවයන් පෙන්වා දී තිබේ.

1. එනම් නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතුය යන ආ.ක්‍ර.ව්‍ය. 12(1) වගන්තියට පටහැනි ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම (කොටස් දෙකකින් යුක්තව හඳුන්වා දී ඇත)

2. සැම පුද්ගලයකුටම භාෂණයේ, රැස්වීමේ , සමාගමයේ , රැකියාවේ සහ යාමේ හා ඊමේ අයිතිය පිළිගන්නා 14 වන වගන්තියේ එකලාව හෝ අන් අය සමග නීත්‍යානුකූල රැකියාවක වෘත්තියක කර්මාන්තයක වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහස සමග 12(1) වගන්තිය එක්ව උල්ළංගනයවන ප්‍රතිපාදනතුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම

3. ශ්‍රී ලංකාව තුළ යාමේ ඊමේ නිදහසට හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස උල්ලංඝණයවන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම,

4. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායකයේ ස්වාධිපත්‍ය පිළිගන්නා 76 වන වගන්තිය හා ජනතාවගේ පරමාධිපත්‍ය පිළාගන්නා 3 වගන්තිය ද එම පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන ඇතුලත් 4 වන වගන්තිය ද උල්ලංඝණය වන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව නියම කිරීම,

5. රාජ්‍ය මුල්‍ය පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය උල්ලංඝණයවන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම,

6. රාජ්‍ය මුල්‍ය පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය හා 3 හා 4 වගන්ති එක්ව උල්ලංඝණයවන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයකින් සම්මත කළයුතු බව නියම කිරීම.

ඉහත කාණ්ඩ යටතේ අනනුකුලභාවය ප්‍රකාශ කොට ඇති කෙටුම්පතේ අන්තර්ගතවන වගන්ති :

01. නීතිය පසඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතුය යන ආ.ක්‍ර.ව්‍ය. 12(1) වගන්තියට පටහැනි ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම, අනුව පහත සඳහන් ප්‍රතිපාදන සංශෝධනයට ලක්කිරීමට හෝ එසේ නොමැති නම් තුනෙන් දෙකක බලයෙන් සම්මත කල යුතු බවට නියම කොට තිබේ:

-3(6) වගන්තියට අනුව කොමිසමට ඇති බලය- රාජ්‍ය නියාමන ආයතන හැකි ඉක්මනින් කොමිසමේ ඉල්ලීම් ඉටු කිරීම අනිවාර්ය කිරිම

-3(4) වගන්තියට අනුව කොමිසමට තම පාලන බල ප්‍රදේශය තුළ සංවර්ධන හා ප්‍රජා පාලන නීති හැදීමට වෙනස් කිරීමට ඇති හැකියාව

-3(5) හා 3(7) වගන්තින්ට අනුව කොමිසම විසින් බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නියාමන අධිකාරීන් සතු සමාන බලතල සීමා කරමින් එම ආයතන හුදු නීතිය ක්‍රියාත්මක කරන ආයතන බවට පත් කිරීම

-5 වගන්තියේ දැක්වෙන කොමිසමේ අරමුනු 6(1) ( b) යටතේ රාජ්‍ය ආයතන වල නාමික අනුමැතියට යටත්ව අදාල බල ප්‍රදේශය තුල පුර්ණ රෙගුලාසිමය පාලනය අධික්ෂණ බලතල පවතින බව

-30 (3) වගන්තියේ දැක්වෙන කොමිසමට බලපත්‍ර නිකුත් කිරීමේ දී එම වගන්තියේ දැක්වෙන පලමු හා දෙවන ව්‍යතිරේඛ මගින් එලෙසට බලපත්‍ර ලබා දීමට සමාන්තර රාජ්‍ය ආයතන නොතකා හරීමට හැකි බව

-54(1) වගන්තියට අනුව කොමිසමට පවතින සහාධිපත්‍ය කලමනාකරණ අධිකාරිය නොතකා කටයුතු කළ හැකි බව

-56(1) වගන්තියට security exchange commission එක නොතකා කටයුතු කළහැකි බව

-71 වගන්තියට අනුව කොමිසමට ජනාධිපති හරහා රෙගුලාසි සැදීමේ බලය

-74 වගන්තියට අනුව රාජ්‍ය නියාමන අධිකාරයන් පිළිබඳ අර්ථ නිරුපණය

02. සැම පුද්ගලයකුටම භාෂණයේ, රැස්වීමේ , සමාගමයේ , රැකියාවේ සහ යාමේ හා ඊමේ අයිතිය පිළිගන්නා 14 වන වගන්තියේ එකලාව හෝ අන් අය සමග නීත්‍යානුකූල රැකියාවක වෘත්තියක කර්මාන්තයක වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්තවීමේ නිදහස සමග 12(1) වගන්තිය එක්ව උල්ලංඝණයවන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම:

-37 වගන්තියට අනුව කොමිසම් බලප්‍රදේශයෙන් පිටත ව්‍යාපාර ආරම්භ කළ හැකි බවට වු ප්‍රතිපාදනය

03. ශ්‍රී ලංකාව තුල යාමේ ඊමේ නිදහසට හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස උල්ගංඝණයවන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම:

-30(1) වගන්තියෙන් ප්‍රතිපාදනය කොට ඇති single window නමැති ආයෝජන ප්‍රවර්ධන සංකල්පය

-30(3) වගන්තිය යටතේ ඉහත single window නමැති සංකල්පය බලසතු කිරීමට රජයේ නියාමන ආයතන දුර්වල කරන එහි පලවන හා දෙවන ව්‍යතිරේඛය

-40(2) වගන්තියට යටතේ පෝර්ට් සිටි බලප්‍රදේශයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් බදු අයකිරීමට ඇති බලය

-71 (2)(l) වගන්තිය යටතේ පොට් සිටි බල ප්‍රදේශයට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන් ගෙන් බදු අයකර ගැනීමට රෙගුලාසි පැමිණවීමේ බලය

04. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායකයේ ස්වාධිපත්‍ය පිළිගන්නා 76 වන වගන්තිය හා ජනතාවගේ පරමාධිපත්‍ය පිළිගන්නා 3 වගන්තිය ද එම පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන ඇතුලත් 4 වන වගන්තිය උල්ලංඝණය වන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයකින් සම්මත කල යුතු බව නියම කිරීම:

-53(2)(b) හා 53(3)(b) වගන්තිය යටතේ පනතේ II පරිශිෂ්ඨය යටතේ සඳහන් පනත් 7 යටතේ හා එම පනත් වල විධිවධාන නොතකා ආයෝජකයන්ට වරප්‍රසාද ලබා දීමේ බලය

05. රාජ්‍ය මුල්‍ය පිලිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය උල්ලංඝණයවන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට නියම කිරීම:

-60(c) වගන්ති මගින් ප්‍රතිපාදන සලසා ඇති අයුරින් estate manager ට බදු අයකර ගැනීමේ බලය

- 60(f) වගන්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇති අයුරින් estate manager ගේ නියෝග උල්ලංඝණය කරන අයවලුන්ට වරදකාරිත්වයක් ආරෝපණය කිරීමේ බලය

06. රාජ්‍ය මුල්‍ය පිලිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය හා 3 හා 4 වගන්ති එක්ව උල්ලංඝනයවන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයකින් සම්මත කල යුතු බව නියම කිරීම

-3(4) හා 6(1) (u) වගන්ති යටතේ කොමිසමට සංවර්ධන නියාමන හා ප්‍රජා නියාමන රෙගුලාසි සැදීමේ බලය හා ක්‍රියාත්මක කිරීමේ බලය

-68(1)(f) හා 68(3) (a) වගන්ති යටතේ කොමිසමේ නියෝග රෙගුලාසි කඩකරන අයකුට වරදකාරීත්වය ආරෝපනය කිරීමේ බලය

07. රාජ්‍ය මුල්‍ය පිලිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව දැක්වෙන 148 වගන්තිය හා 3 හා 4 වගන්ති එක්ව උල්ලංඝණයවන ප්‍රතිපාදන තුනෙන් දෙකක විශේෂ ඡන්ද බලයෙන් සම්මත කිරීමට අමතරව ජනමත විචාරණයකින් සම්මත කල යුතු බව නියම කිරීම:

-52(3) වගන්තිය මුලෝපායිකව වැදගත් යයි හඳුනාගන්නා ව්‍යාපෟති සඳහා බදු සහන හා වරප්‍රසාද ලබාදීමේ බලය

- 52(5) හා 71(2) (p) වගන්ති යටතේ එසේ හඳුනාගන්නා මුලෝපායිකව වැදගත් ව්‍යාපෘති සඳහා බදු සහන හා වරප්‍රසාද ලබා දීම සඳහා රෙගුලාසි සැදීමට කොමිසම සතු බලය.

මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරනය කියා සිටින්නේ:

1. පළමු පරිශිෂ්ඨයේ සඳහන් බිම් කොටස ශ්‍රී ලංකා භූමියට අයත් කොටසක් බවයි.(වෙනම භුමියක් මත වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ අවධානම සහිත වගන්ති ඉහතින් හඳුනාගෙන එම වගන්ති සම්මතකර ගන්නා ආකාරය නියම කොට ඇත)

2. කොමිසම විසින් තමන්ම නීති නොසාදනා තාක් දුරට III පරිශිෂ්ඨය මගින් කොමිසම් බල ප්‍රදේශය තුල බලාත්මක නොවන බවට සඳහන් කොට ඇති පනත් 7 සඳහන් කිරීම ව්‍යවස්තාවට පටහැනි නොවන බවයි. ( එසේ කල හැකි බවට සඳහන් ප්‍රතිපාදන ව්‍යවස්ථාවට අනනුකුල බව ප්‍රකාශ කොට ඇත)

3. නීතිපති ගේ යෝජනා දෙවන වර කියවීමේ දී භාවිතා කළ හැකි බව යි.

4. පලාත් පාලන බලතල කොමිසමට ලබාගෙන නොමැති බවත් එමනිසා 13 සංශෝදනයට අනුව 154G(3) යටතේ පලාත් සභා විමසීමක් අවශ්‍ය නොවන බවය.

- ශිරාල් ලක්තිලක

ෆේස්බුක් සටහනකි.

Last modified on Tuesday, 18 May 2021 23:13

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us