රෝහල් ධාරිතාව උපරිම මට්ටමට - සුදර්ශනී අනතුරු අගවයි !

Published in පුවත්
Thursday, 06 May 2021 12:12

මේ වනවිට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා තිබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකශ කර තිබෙනවා.

හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවයි රාජ්‍ය අමාතවරිය සදහන් කරන්නේ.

තව ද PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස් නිවසට ම වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

දෛනිකව විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන බැවින් වාර්තාවල යම් ප්‍රමාද ඇති විය හැකි බවයි ඇය කියා සිටියේ.

තව ද ඉදිරි සති 2,3 තුළ අනවශ්‍ය ගමන් බිමන් නොගොස් , සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අවදානම් මොහොතේ රට වෙනුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වගකීම ඉෂ්ට කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේ නොමැති වුවහොත් රෝගය වේගයෙන් පැතිර යන මේ මොහොතේ පාලනය කිරීම අසීරු විය හැකි බව ද ඇය සදහන් කරයි.

අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, පවතින තත්ත්වය යටතේ පිටරට සිට මෙරටට පිරිස් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදු වන බවයි.

ඒ, නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලත් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා අවශ්‍යව ඇති බැවින් පසුගිය සමයේ මෙන් පිටරටවල සිට විශාල පිරිසක් පැමිණිය හොත් ඔවුන් නිරෝධායනය කිරීමේ දී ගැටලු පැන නගින බැවිනි.

තවද මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතුව ඇත්තේ මෙරට රෝගීන් ප්‍රතාකාර සඳහා බව ද ඇය සඳහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us