ඛණිජ තෙල් සංස්ථාවට කෝටි තිහක පාඩුවක්! බළධාරීන් නිහඬයි

Published in පුවත්
Thursday, 14 August 2014 12:36
බොරතෙල් ගබඩා සහ පිරිපහදු ඉන්ධන ගබඩා සියල්ලම පිරී තිබීම නිසා බොරතෙල් පිරිපහදු ඉන්ධන ගෙන්වීම සීමානොකිරීම නිසා  මෙරටට ගෙන්වූ නැව් වෙනුවෙන් කෝටි තිහකට අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය පවසයි. 
 බොරතෙල් සහ පිරිපහදු ඉන්ධන ගෙන්වීම අගෝස්තු 08 සිට සීමා කරන බව බළධාරීන් පොරොන්දු වුවත් දිගින් දිගටම මෙලෙස ඉන්ධන ගෙන්වීම නිසා නැව් 05කට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් ආනන්ද පාලිත පෙන්වා දෙන්නේ බොරතෙල් මෙට්‍රික්ටොන් 91,000 ක් සහිත නැවක් බොරතෙල් ගොඩබාන බෝයාව අසලත් පිරිපහදු කළ ඉන්ධන නැව් දෙකක් ඩොල්ෆින් ජැටිය අසලත්, තවත් නැව් දෙකක් උස්වැටකෙයියාව පිරිපහදුව ඉන්ධන ගෙඩබාන බෝයාව අසලත් නවතා දමා තිබෙන බවයි.
 
මේ ආකාරයට නවතා දමා තිබෙන බොරතෙල් නැවකට ආසන්න වශයෙන් ඩොලර් 20000 ක් 25000 අතර මුදලක් ගෙවිය යුතු අතර බොරතෙල් ගොඩබාන බෝයා අසල නවතා දමා තිබෙන නැවට මේ වනවිට දින 15කට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබේ. 
 
එමෙන්ම පිරිපහදු කළ ඉන්ධන නැවකට දිනකට ඩෙලර් 18000 කට අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙන අතර  පිරිපහදු කළ ඉන්ධන මෙරටට ගෙන්වූ නැව් වෙනුවෙන් කෝටි තිහකට අධික මුදලක් ගෙවීමට සිදුව ඇත. මෙවැනි තත්වයක් යටතේ තවමත් බෙරතෙල් පිරිපහදු කළ ඉන්ධන ගෙන්වීම සීමා නිසා මේ මස 17 වැනිදාත් බොරතෙල් නැවක් මෙරටට පැමිනෙන බවද ඒ මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us