වස විස නැති රටක් හදලා මිසක් නවතින්නෙ නෑ ! ජනපතිගෙන් සහතිකයක්

Published in පුවත්
Thursday, 29 April 2021 20:43

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

 

රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළගා විමට බාධාවක් නොවේ. කථා කර කර නොසිට ගොවියා දැනුවත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක්වැන්නැයි ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටී.

රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

“නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය. ” යන්න “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව විය.

එය යතාර්ථයක් බවට පත්කිරිමේ අඩිතාලම දමමින් දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ - ආර්ථික රටාවක් අරමුණු කර ගනිමින් විසි වැදෑරුම් අමාත්‍ය මණ්ඩල සංදේශය පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණ.

ශ්‍රී ලංකාව රාසයනික පොහොර ආනයන සඳහා 2019 දී ඩොලර් මිලියන් 221ක් වැය කළේය. තෙල් මිල වැඩිවීම සමඟ එම වියදම ඩොලර් මිලියන 300 – 400 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක සඳහා අතිවිශාල වියදමක් කළද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක් සිදුව නැතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

පස නිසරු වී අස්වන්න අඩුවීමත්, ජෛව විවිධත්වය විනාශවීමත් දක්නට තිබේ. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය ගංගා, ඇල දොල ජලය දූෂනය කරන අතර ගුණාත්මක පානීය ජල සම්පාදනයට ප්‍රබල අභියෝගයක් වී ඇත. වකුගඩු, පිළිකා ඇතුළු බෝ නොවන රෝග රැසකට රජය විසින් දරන වියදම වාර්ෂිකව ඉහළ යමින් පවති. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම, සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම සහ ජනතාවගේ ඵලදායීතාව අඩුවීම රට මුහුණදෙන අභියෝගක් බවට පත්වී ඇත.

වැඩසටහන ආරම්භයේදී ගැටලු ඇතිවිය හැක. එහෙත් තිරසර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම පමා කළ යුතු නැත. මතුවන ගැටලුවලට නිවැරදි විසඳුම් හඳුනාගත යුතුය. රසායනික පොහොර භාවිතය අත්හැරීමෙන් නිෂ්පාදනය අඩුවනු ඇතැයි ගොවින් කල්පනා කිරීමට පිළිවන. එසේ වන්නේනම් රසායනික පොහොර සහනාධාරයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් බිලියන 50ක මුදලින් අඩුවන ආදායම ගෙවන බවට ජනාධිපතිතුමා සහතික වෙයි.

විධිමත් පුහුණුවක්, නිසි අධ්‍යයනයක් සහිත පිරිසක් වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වේ. රට සහ පරිසරය පිළිබඳ හැගීම ඒ හා සමානය. වැඩසටහනට අකමැත්තක් දක්වන හෝ වෙනස්ව හිතන පිරිසට ආරම්භයේ දීම ඉවත්වීමට බාධාවක් නැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. අභියෝගය ජය ගැනීමට තමා පෞද්ගලිකව ගොවි ජනතාව අතරට පැමිණීමට සූදානම් යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් නිෂ්පාදකයන්ට සැපයීමට රජය ඝෘජුව මැදිහත්වන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කෘෂි ක්ෂේත්‍රයේ නිරත බොහෝ පිරිසකට සංවේදි විෂයයක් බැවින් විරෝධතා පැමිණිය හැකිය. ආගමික නායකයන්, ගොවි සංවිධාන, වෘත්තිකයන්, පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය සහාය සහ සියලු පාර්ශ්ව එක්වීමෙන් අරමුණට පහසුවෙන් ළගාවිය හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.

ගොවියාට පහසුවන ආකාරයෙන් කාබනික පොහොර වෙළෙඳපොළ සුලබ කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. වියාලේන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක, අනූප පැස්කුවෙල්, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු, රාජ්‍ය නිලධාරීහු, පර්යේෂකයෝ, කාබනික පොහොර නිෂ්පාදකයෝ, ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us