පුද්ගලික ගුවන් ධාවන පථ ඉදිකිරීමට අවසර

Published in පුවත්
Friday, 30 April 2021 08:40

පෞද්ගලික ගුවන් ධාවන පථ සහ පෞද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණ (හෙලි පෑඩ්) ඉදිකිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

 

අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියට අනුව හඳුන්වා දී ඇති අවශ්‍යතා සපුරාලීමට යටත්ව මෙම ඉදිකිරීම් සිදුකළ හැක.

රජයේ දේශීය ගුවන් සේවා සංවර්ධනය කිරීමේ සැලසුමට අනුකූලව දේශීය ගුවන් සමාගම්වල පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සහ අනෙකුත් පහසුකම් දිරිමත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා අතර මෙම පියවර ප්‍රමුඛවේ. එසේම මිලිටරි අවශ්‍යතා සඳහා භාවිත කරන ගුවන් යානා හැර රට තුළ භාවිත කෙරෙන අනෙක් සියලුම ගුවන් යානා සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව අනිවාර්යයෙන් නඩත්තු කිරීමටද මෙම ජාතික ප්‍රතිපත්ති යෝජනා කර ඇත.

සංචාරක, වෙළෙඳ, ආයෝජන, වාණිජ, කාර්මික හා ආගමික අවශ්‍යතා පදනම් කරගෙන මෙම ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා මෙලෙස ධාවන පථ සහ හෙලි පෑඩ් ඉදිකිරීමට අවසර ලබාදෙන බව ජාතික ප්‍රතිපත්තියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

aruna

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us