මෙම සිද්ධිය සිදුව ඇත්තේ හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයේ විභාග ශාලාවක දී වන අතර මේ හේතුවෙන් නිසි ලෙස විභාගයට පිළිතුරු ලියන්නට නොහැකි වූ තම දියණියට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඇගේ පියා ඉල්ලා ඇත.
කෙසේ වෙතත් විභාග ශාලාවේ දී එවැනි දෙයක් සිදු නොවූ බවට ලිපියක් ලබා දෙන ලෙස ඉල්ලමින් විභාග ශාලාධිපතිවරයා බලපෑම් කිරීම නිසා මේ දියණිය වඩාත් මානසික පීඩාවකට පත්ව සිටින බව ද ඔහු පවසයි.
කොළඹ දේවි බාලිකා විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවියක වන තනූජා විමල්කා මෙම සිද්දියට මුහුණ දී ඇත. පෞද්ගලික අපේක්ෂිකාවක ලෙස ඇය මෙවර ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල විභායට පෙනී සිට ඇත්තේ තෙවැනි වතාවට යි.