'සංවේදී කලාකරුවන්' සම්බන්ධීකරණය භාතිය-සන්තුෂ්ට

Published in පුවත්
Thursday, 14 August 2014 10:26

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්, කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කිරීම භාතිය හා සංතුෂ්ගේ B&S සමාගමට පවරා තිබේ.

2010මැතිවරණයේදී මෙම කටයුත්ත පැවරී තිබුනේ කල්ප හා උදාර පල්ලියගුරු සහෝදරයන්ගේ 'Mind 4' දැන්වීම් ආයතනයටය. ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු - සංවේදී නායකයා යන දැන්වීම් මාලාව සඳහා ඔවුන් කලාකරුවන් හා ක්‍රීඩකයන් 342දෙනෙකු යොදවා ගෙන තිබිණ. ඒ සඳහා කලාකරුවන්ට හෝ 'Mind 4' ආයතනයට නිෂ්පාදන කටයුතු සඳහා කිසිම මුදලක් ලබා දී නොතිබුනද මැතිවරණයෙන් පසු 'Mind 4' ආයතනයට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලබාදීමට කටයුතු කර තිබුනි.

කෙසේ වුවද මෙවර භාතිය හා සන්තුෂ්ගේ B&S සමාගම එම කටයුත්ත පවරාගෙන ඇත්තේ නිශ්චිත මිල ගණන් ඉදිරිපත් කිරීමෙන්  බව 'ලංකා විව්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.

කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 2945ක ඇස්තමේන්තුවක් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කර ඇති බවද එහි දැක්වේ.

එම ඇස්තමේන්තුවට අනුව ප්‍රවීණ කලාකරුවෙකුට හා ප්‍රවීණ ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 10බැගින්ද එම ක්ෂේත්‍රයේ සාමාන්‍ය අයෙකුට රුපියල් ලක්ෂ 5බැගින්ද ගෙවීම් අනුමත කරවා ගෙන ඇත.

මීට අමතරව බොලිවුඩ් නළු නිලියන් ගෙන්වා විශේෂ සංදර්ශන පැවැත්වීමට යෝජනා කර ඇති අතර එසේ පැමිණෙන නළු නිලියන්ට විශේෂ අනුග්‍රහ සැපයීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොරොන්දු වී ඇත. නමුත් එම මිල ගණන් ඉහත ඇස්තමේන්තුවට එක්කර නැත.

කලාකරුවන් හා ක්‍රීඩකයන් සඳහා මෙම ගෙවීම් කරන්නේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ප්‍රධාන වශයෙන් පවරා ඇති යෝෂිත රාජපක්ෂගේ Magenta සමාගම විසින් කලාකරුවන් හා ක්‍රීඩකයන්ගේ ප්‍රචාරක දැන්වීම්වලට අමතරවය. 

පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොඩනගා විවෘත කර කොළඹ 07 Arcade සුපිරි වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමේ උළෙලේදී ඉසව් සම්බන්ධීකරනය සඳහා මෙම B&S සමාගමට රුපියල් ලක්ෂ 450 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගෙවා ඇතැයි ද 'ලංකා විව්ස්' වෙබ් අඩවිය වැඩිදුරටත් අනාවරණය කරයි. 

Last modified on Thursday, 14 August 2014 10:37

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us