මහේල අවසන් ටෙස්ට් තරඟයට අද පිටියට

Published in පුවත්
Thursday, 14 August 2014 10:22

ලෝක ක‍්‍රිකට් වංශ කතාවට නොමැකෙන සටහන් එක්කළ ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය අවසන් ටෙස්ට් තරගයට අද සහභාගි වේ. ඒ, පාකිස්තානය සමග කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයටයි.

 මේ වන විට 37වන වියේ පසුවන මහේල ඉන්දියාවට එරෙහිව 1997 වසරේදී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළේය. ඔහු සිය මංගල තරගයේදීම ලකුණු 66ක් රැස්කරගනිමින් සිය ක‍්‍රිකට් අනාගතය පිළිබඳ මුළු ලොවටම පැහැදිලි ඉඟියක් ලබාදුන්නේය.


මේ දක්වා ටෙස්ට් තරග 148කට ක‍්‍රීඩා කර ඇති මහේල එහිදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව එකොළොස්දහස් හත්සීය පනස් හයකි. ඊට ශතක 34ක් හා අර්ධ ශතක 49ක් ද ඇතුළත්වේ. ඊට ද්විත්ව ශතක 7ක්ද ඇතුළත්වේ. ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර මහේල ජයවර්ධන පසුවන්නේ 7වන ස්ථානයේය.

 මහේල රැකගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 202කි. නායකයෙකු ලෙස ඔහු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජයග‍්‍රහණ 13ක් ලබා දී ඇත.


මහේලගේ ක‍්‍රීඩා සමාජයට අයත් ක‍්‍රීඩාංගණය වන එස්.එස්.සී. ක‍්‍රීඩා පිටිය ඔහුගේ සමුගැනීම වෙනුවෙන් විවිධ සැරසිලිවලින් අලංකාර කිරීමට ද පියවර ගෙන තිබේ.


මහේල ජයවර්ධන යනු ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ අග‍්‍රගණ්‍ය ක‍්‍රීඩකයෙකු බව  ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රකාශ  කරයි. කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස ඔහු නිරන්තරයෙන් දක්වන සහය අති විශිෂ්ට බවද මැතිව්ස් කියා සිටියේය. 


ඔහුට ගෞරවණීය සමුගැනීමක් ලබාදීම සඳහා මෙම තරගය ජයග‍්‍රහණයකින් නිම කිරීම තම බලාපොරොත්තුව බව මැතිව්ස් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය. 


මහේලගේ සමුගැනීම වෙනුවෙන් අද ආරම්භ වන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු ආබාධවලට ලක්ව සිටින අතර, ඒ වෙනුවට නවක ක‍්‍රීඩකයින් කණ්ඩායමට කැඳවා ඇත. ශමින්ද එරංග වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ නවක ක‍්‍රීඩක ලහිරු ගමගේ ය. දිමුත් කරුණාරත්න ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ. 


නවක වේග පන්දු යවන්නෙකු වන බිනුර ප‍්‍රනාන්දු ද කණ්ඩායමට ඇතුළත්වේ. තරග දෙකකින් සමන්විත ශ‍්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස දැනටමත් පෙරමුණේ පසුවන්නේ ශ‍්‍රී ලංකාවයි. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us