හඩ්සන්, නිර්මලා ගෙන් මිලියන 500ක් ඉල්ලයි

Published in පුවත්
Thursday, 14 August 2014 09:55

ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණය පිළිබඳ තමන් වෙත අසත්‍ය චෝදනා කරමින් කළ අපහාසාත්මක ප්‍රකාශ නිසා සිදුවූ හානියට රුපියල් මිලියන 500ක් අලාභ වශයෙන් ගෙවන ලෙස දැනුම් දෙමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඊයේ (13) සිය නීතිඥයන් මගින් නිර්මලා ද අල්විස් මහත්මිය වෙත එන්තරවාසියක් යවා තිබේ.

නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ නමින් සමරසිංහ මහතා යවා ඇති එන්තරවාසිය මඟින් දින 14ක් තුළ තමාට වූ හානියට අලාභ නොගෙවන්නේ නම් අල්විස් මහත්මියට එරෙහිව ඉල්ලා ඇති මුදල අයකර ගැනීම සඳහා නඩු පවරණ බවද දැනුම් දී ති‍බේ.

ඝාතනයට ලක්වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ වැන්දඹු බිරිය වන නිර්මලා ද අල්විස් මහත්මිය පසුගිය 3 හා 10 යන දිනවල ප්‍රකාශයට පත් ලංකා ඉරිදා සංග්‍රහය පුවත්පතට කර ඇති ප්‍රකාශ මගින් සමරසිංහ මහතාට අපහාසක් සිදුවි ඇති බව එම එන්තරවාසියේ සඳහන් වේ.

ඉරිදා ලංකා පුවත්පත්වල පළ කළ විශේෂාංග ලිපි දෙකකින් මියගිය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය සම්බන්ධයෙන් තම සේවාදායකයාට නිර්මලා අල්විස් මහත්මිය කරන චෝදනාත්මක ප්‍රකාශ සාවද්‍ය අසත්‍ය හා අපහාසාත්මක බවත් එම ලිපි එම පුවත්ප‍ෙත් අන්තර්ජාලයේ සඳහන් වන බවත් එම එන්තරවාසියේ සඳහන් වේ.

එම ලිපිවල තම සේවාදායකයා වන හඩ්සන් සමරසිංහ මහතාගේ නම එකඑල්ලේම අල්විස් මහතාගේ ඝාතනයට වගකිව යුතු බවට අල්විස් මහත්මිය කරන ප්‍රකාශ නිසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරය දරන ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ තම සේවාදායක සමරසිංහ මහතාගේ කීර්ති නාමයට හා චරිතයට හානියක් වී ඇති බවත් එම නිසා ඊට අලාභ වශයෙන් රුපියල් මිලියන 500ක් ගෙවන ලෙස මේ එන්තරවාසිය මගින් දැනුම් දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us