පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවති අන්තර් අමාත්‍යාංශ රැස්වීමේදී අමාත්‍යාංශ නිළධාරීන්හට ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන ලදි.
මෙය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයද මෙම වැඩපිළිවෙල සඳහා එකඟතාව පලකර තිබේ. ඒ වෙනුවෙන් වෛද්‍ය පාඨමාලාවන්ට අදාළ පාඩම් මාලාවන් සෑදීමටද නියමිතය.
තවද අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා එම සාකච්ඡාවේදී අමාත්‍යාංශ නිළධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ, රැඳවුවන්ට නක්ෂත්ර පාඨමාලාවක් ද ලබා දීම සඳහා කටයුතු කරන ලෙසයි.
බන්ධනාගාරගතව සිටින රැදවූවන්හට විෂ වෙදකම හා කැඩුම්බිදුම් වෙදකම් පිළිබඳව පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගැනේ.
Leave a comment