ජයන්ත- නිශාන්ත ක්‍රිකට් අවුල දිග්ගැස්සෙයි

Published in පුවත්
Thursday, 14 August 2014 09:34

ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් එහි සියලුම සාමාජිකයන් වෙත ලිපියක් යවනු ලැබ තිබියදී එය අභියෝගයට ලක් කරමින් එම ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් එහි තවත් සාමාජිකයන් කිහිප දෙනකුට යවනු ලැබ ඇති ලිපියක් හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ මේවන විට බරපතළ අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් ජූලි 31 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම සාමාජිකයන් වෙත එහි සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් යවනු ලැබූ ලිපියෙන් පාලක ක්‍රීඩා සමාජ, අනුබද්ධ ක්‍රීඩා සමාජ, දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්, පළාත් ක්‍රීඩා සංගම්, ක්‍රිකට් සංගම් හා පාසල් ක්‍රිකට් ආදී සියල්ල සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ආකාරය සඳහන් කොට තිබියදී අගෝස්තු 6 වැනි දින ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා තෝරාගත් සාමාජිකයන් කිහිප දෙනකු සඳහා පමණක් මූල්‍ය අනුග්‍රහය ලබාදෙන ආකාරය සඳහන් කරමින් තවත් ලිපියක් යොමු කිරීමට කටයුතු කොට ඇත.


මීට අමතරව සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් ජූලි 31 වැනි දින යොමුකරන ලද ලිපියෙහි සඳහන් වන්නේ අදාළ මූල්‍ය ප්‍රදාන අගෝස්තු මස 27 වැනි දින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අතරතුර සිදුකිරීමට විධායක සභාව තීන්දු කර තිබූ බවකි. 


එහෙත් අගෝස්තු 6 වැනි දින ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් යවනු ලැබූ ලිපියෙහි සඳහන් වන්නේ එම උත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවකි.


එමෙන්ම ක්‍රිකට් සභාපතිවරයා විසින් යවනු ලැබූ ලිපියෙහි සඳහන් වී ඇත්තේ අගෝස්තු මස 11 වැනි දිනට පෙර තම ව්‍යාපෘති වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වෙත යොමුකරන ලෙස වුවත් නිශාන්ත රණතුංග මහතා විසින් යවනු ලැබ ඇති ලිපියෙහි ක්‍රිකට් සභාපතිවරයා අබිබවා යමින් එම ව්‍යාපෘති වාර්තාවක් ලේකම්වරයකුටද පිටපතක් සහිතව යොමු කරන ලෙස දන්වා ඇත.


මේ ආකාරයට ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා එහි සාමාජිකයන් වෙත යවනු ලැබූ ලිපිය අභියෝගයට ලක්කරමින් සහ ඊට හාත්පසින්ම වෙනස් ලිපියක් යවමින් නිශාන්ත රණතුංග මහතා ක්‍රිකට් ආයතනයේ බරපතළ අර්බුදකාරී වාතාවරණයක් මතුකිරීමත් සමඟ නිශාන්ත රණතුංග මහතාගේ ලිපිය නොසලකා හැර කටයුතු කරන ලෙස ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වෙත තවත් ලිපියක් යොමු කිරීමට එහි සභාපති ජයන්ත ධර්මදාස මහතාට සිදුව ඇත.


එමෙන්ම විධායක කමිටුවේදී ගත් තීරණවලට පටහැනිව ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් යවනු ලැබ ඇති ලිපියේ සඳහන් කරුණු නිවැරැදි කිරීමටත්, යම් ගැටලුවක් පැන නැඟුණහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකර සභාපතිවරයාට උපදෙස් දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පැතිකඩ නියෝජනය වන පරිදි පංච පුද්ගල කමිටුවක් පත්කිරීමටත් ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතා පියවර ගෙන ඇත. 

මීට අමතරව ව්‍යාපෘති වාර්තා ලබාදීමේ කාලය අගෝස්තු 15 වැනි දින දක්වා කල් තැබීමටද ජයන්ත ධර්මදාස මහතා කටයුතු කොට ඇත.

(මව්බිම)

Leave a comment

 

ld add copy

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us