වෛද්‍යවරිය බිලිගත් රූපලාවන්‍යාගාරයට දේශපාලනඥයෝත් ඇවිත්

Published in පුවත්
Thursday, 14 August 2014 09:27

රූපලාවන්‍ය සැත්කමක් කරගැනීමට ගොස් එන්නතක් ශරීරගත කරන විට මියගිය රිජ්වේ ළමා රෝහ‍ලේ වෛද්‍යවරිය එම සැත්කම කරගැනීමට ගිය රූපලාවන්‍ය සායනයට දේශපාලනඥයන්ද නළු නිළියන් ද පැමිණෙන බව අනාවරණය වී ඇතැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 පවතින වයසට වඩා වසර දහයකින් පමණ අඩු වයස පෙනුමක් ලබා ගැනීමට ඒ අය එහි පැමිණෙන බව අනාවරණය වී තිබේ.


ඊට අමතරව දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන්, දරුවන්, නිළියන්, නළුවන් මෙන්ම සමාජයේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන් එහි පැමිණෙන බව ‍පොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත.


ඒ එක් සැත්කමක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අයකරන බවත් ඒ සඳහා වේලාවක්  වෙන්කරගත යුත්තේ රුපියල් දස දහසක් ගෙවා බවත් අනාවරණය වී තිබේ. මියගිය වෛද්‍යවරියද, රුපියල් 10000ක මුදලක් බැංකු ගිණුමක තැන්පත්කර දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව ඇය 12 වෙනිදා දහවල් 12.30ට එහි පැමිණ ඇති අතර ඉතිරි රුපියල් 90000ක මුදල ඇය ගෙවා ඇත්තේ එහි
පැමිණි පසුවය.


එම ශල්‍යකර්මය කරන වෛද්‍යවරයා වෙත ඇය යොමු කර ඇත්තේ යැයි සඳහන් වන්නේ දහවල් 1.15ට පමණය. එහිදී වෛද්‍යවරියගේ ඉල්ලීම මත ප්‍රතිජීවක ඖෂධයක් ඇයට ලබාදීමට සිදු වූ බව ඔහු ‍පොලීසියට පවසා ඇත. අදාළ සැත්කම කිරීමේදී ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකරන බවත් එම ඖෂධය ඇයට ලබා දුන්නේ ඇගේ ඉල්ලීම මත බවත් වෛද්‍යවරයා ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.


ප්‍රතිජීවක ඖෂධය මිලි ලීටර් 10ක් ඇගේ ශරීරයට එන්නත් කිරීමට තමා සූදානම් වුවත් පළමු මිලි ලීටර් 02 ඇතුළුවන විට ඇය ඇළවී සිටි ඇඳෙන් එකවරම කැස්සකුත් සමග නැගී සිටිය බව වෛද්‍යවරයා ‍පොලීසියට පවසා ඇත. ඒත් සමග ඇය වරක් දෙවරක් ගැස්සී එකවරම මියගොස් ඇති බව කියයි.


ප්‍රතිජීවක ඖෂධය එන්නත් කර ඇත්තේ ඇගේ ගෙල ප්‍රදේශයටය. ඊට හේතු ‍පොලීසිය වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ඇගේ අතේ නහර පැහැදිලි නොමැති කමින් ගෙලෙහි නහරකට ඖෂධය එන්නත් කිරීමට සිදු වූ බවය.

මෙම වෛද්‍යවරියගේ සැමියා ඉන්ජිනේරුවෙක් බව ‍පොලීසිය සඳහන් කරයි. ඇය දෙදරු මවකි.


මෙවන් රූපලාවන්‍ය සැත්කමක් සඳහා ඇමෙරිකාවේදී නම් මෙරට මුදලින් රුපියල් ලක්ෂ 10ක් පමණ වැයවන බව වෛද්‍යවරයා ‍පොලීසියට පවසා තිබේ. තමා එම වෛද්‍ය ශිල්පීය ක්‍රමය ඇමෙරිකාවේදී හදාරා මෙරටට පැමිණ 2009 වසරේ සිට ප්‍රතිකාර කටයුතු කරන බව සඳහන් කර තිබේ. තමා 1981 වසරේ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී වෛද්‍යවරයෙක් ලෙස මීගමුව සහ පානදුර රෝහල්වල සේවය කළ බව ඔහු පවසා තිබේ. 


1984 වසරේදී ඇමෙරිකාවේ කැලිෆෝනියාවට ගොස් රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම හදාරා ඇති බවද කියයි. ඒ සම්බන්ධයෙන් සහතික පත්‍ර රාශියක්ද ඔහු සතුව තිබි ‍පොලීසිය සොයාගෙන තිබේ. ඒ ඇතැම් සහතික පත්‍රවල ඔහුගේ නම විවිධ ආකාරයෙන් සටහන්ව තිබිම හේතුවෙන් ඒ ගැනද විමර්ශනයක් ‍පොලීසිය ආරම්භ කර ඇත.


මේ වන විට මෙවන් රූපලාවන්‍ය ශල්‍යකර්ම 14000ක් පමණ තමා කර ඇති බව ඔහු පවසන බවත් ලංකාවේ පමණක් 2000කට ආසන්න සැත්කම් ප්‍රමාණයක් කර තිබෙන බව සඳහන් කරන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම ශල්‍යකර්ම කළ පුද්ගලයන්ගේ තොරතුරු ඔහු සතු පරිගණකයේ තිබෙන බවද එම නිලධාරියා පැවැසුවේය.


පනස් වියැති මෙම වෛද්‍යවරයාද එම ශල්‍යකර්මයට භාජනය වූ අයෙකු බවත් ඔහුගේ වයසද එතරම් නොපෙනෙන බවත් ‍පොලීසිය සඳහන් කරයි.


 වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 10ක් ලබාගෙන තිබෙන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහන මහතා සඳහන් කළේය. ඒ අය අතර වෛද්‍යවරියගේ සැමියාද, රූපලාවන්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙදියන් සිව් දෙනෙකුද එහි පිළිගැනීමේ නිලධාරිනියද සිටින බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(ලක්බිම)

Leave a comment

 

ld add copy

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us