මහනාහිමිවරුන්ගෙන් බොදු බල සේනාවට පණිවුඩයක්

Published in පුවත්
Thursday, 14 August 2014 09:20

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ බදාදා(13) මහනුවරට ගොස් බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කළහ.

ධීවර ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් එම දූත මණ්ඩලයට මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා, පලාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, දේශීය වෛද්‍ය ඇමති සාලින්ද දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ.

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිගරු උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් සමඟ පැවැත් වූ සාකච්ඡා වලින් අනතුරුව රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේ, රටේ නීතිය කඩ කරන භික්ෂුන් වහන්සේට එරෙහිව රජය පියවර ගන්නා මෙන් මහානායක හිමි වරුන් උපදෙස් දුන් බවයි.


ත්‍රෛනිකායික විරෝධය

බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නිකාය තුනේම මහා නාහිමිවරුන් කලකිරීමෙන් පසුවෙන අතර ඊට එරෙහිව ගිහි පැවිදි දෙපාර්ශවය විසින් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ වැදගත්කම අස්ගිරි මහ නාහිමියන් පැහැදිලි කළ බව රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසිය.

මෙම අවස්ථාවේ මාධ්‍යයට ප්‍රකාශයක් කළ මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා බොදු බල සේනා සංවිධානයේ ඇතැම් භික්ෂූන්ගේ හැසිරීම බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් හැටියට විග්‍රහ කළේය. 

 

359299147561173&set=vb.103678496456574&type=2&theater

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us