ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට !

Published in පුවත්
Thursday, 01 April 2021 09:16

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දෙනු ලැබිණ.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසා පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි.

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කරනු ලැබීය.
කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව සභාපති රොහාන් සෙනෙවිරත්න විසින් ජනාධිපතිතුමාට භාර දෙනු ලැබීය. විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බව පැවසූ ජනාධිපතිවරයා, මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහූ සහ විශේෂඥ කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us