විදුලි සංදේශ සේවාවෙහි 16.5%ක සුවිශේෂ වර්ධනයක් !

Published in පුවත්
Thursday, 01 April 2021 09:24

විදුලි සංදේශ සේවාවන්හි 16.5%ක වර්ධනයක් සමග 2020 වසරේ තෙවැනි කාර්තුවේ සේවා අංශය 2019 වසරේ එම කාර්තුවට සාපේක්ෂව 2.1% වර්ධනයක් අත් කරගෙන තිබේන බව වාර්තා වෙනවා.

එම කාලය තුළ විදුලි සංදේශ සේවා 16.5%ක වර්ධනයක් අත් කරගෙන ඇත්තේ එහි සමස්ත ආදායම රුපියල් බිලියන 48ක් ලෙස වාර්තා කරමිනි. මෙම කාර්තුව තුළ දී තාක්ෂණ සේවාවන් 13.5%ක වර්ධනයක් අත් කර ගෙන තිබේ. කොවිඩ් වසංගතය හමුවේ පාසල් දරුවන් නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නිරතවීම සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ රාජකාරි කටයුතු සඳහා සහභාගී වීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

2020 වසරේ තුන් වැනි කාර්තුව සඳහා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තු මගින් මෙම තොරතුරු අනාවරණ කර ඇත. ඒ අනුව මූල්‍ය සේවා 12.3%ක වර්ධනයක් අත් කරගෙන තිබේ. පෙර වසරේ එම කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 179,848ක් ලෙස වාර්තා වූ මූල්‍ය සේවා සැපයීම 2020 තෙවැනි කාර්තුවේ දී රුපියල් මිලියන 202,023ක් ලෙස වාර්තා වී තිබේ. එම කාර්තුවේ දී ණය අත්තිකාරම් වටිනාකම්වල 13.8%ක සහ මුළු තැන්පතු වටිනාකම්වල 18.5%ක වර්ධනයක් පෙන්නුම් කරයි.
විශේෂ වර්ධනයක් අත් කර ගෙන ඇති තවත් ක්ෂේත්‍රයක් වන්නේ තැපැල් සේවාවයි. තැපැල් සහ සෞඛ්‍ය සේවාවන්වල පිළිවෙළින් 7%ක සහ 4.6%ක

වර්ධනයක් හිමි කරගෙන ඇති අතර දේපළ වෙළෙඳාම් සේවය 3.1%ක වර්ධනයක් අත් කර ගෙන ඇත.
කොරෝනා පළමු රැල්ලෙන් පසු ජන ජීවිතය සාමාන්‍යකරණයට පත්වීම හේතුවෙන් තොග සහ සිල්ලර වෙළෙඳාම ද සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත. 2019 වසරේ තෙවැනි කාර්තුවේ දී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව 2.1%ක වර්ධනයක් අත් කර ගත් තොග හා සිල්ලර වෙළෙඳාම මෙම වසරේ තුන් වැනි කාර්තුවේ දී තවදුරටත් 2.9%ක වර්ධනයක් වාර්තා කර ඇත.

2020 තෙවැනි කාර්තුවේ දී මුහුදු සහ ගුවන් ප්‍රවාහන කටයුතු ඍණ වර්ධනයන් වාර්තා කළ ද ගොඩබිම් ප්‍රවාහනය ධන වර්ධනයක් වාර්තා කර තිබේ. එම කාලය තුළ සමස්ත ප්‍රවාහන සේවා 0.9%ක ධන වර්ධනයක් වාර්තා කර ඇත. මීට අමතරව රාජ්‍ය පරිපාලනය, වෘත්තීය සේවා, සහ අධ්‍යාපන සේවා යන ආර්ථික කටයුතු ද මෙම කාර්තුවේ දී ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් පැවැති කොවිඩ්- 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවාතැන් සහ ආහාරපාන සැපයීම 2020 තෙවැනි කාර්තුවේ දී තවදුරටත් 42.1%ක පසුබෑමක් වාර්තා කර තිබේ. මෙම කාලය තුළ දී සේවා අංශය මගින් දළ දේශීය නිෂ්පාදිතය සඳහා ලබා දී ඇති දායකත්වය 56.8%කි.

-පංචාලි අබේසේකර

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us