ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයවීම අනුව ‘ශ්‍රී ලංකා එනර්ජීස්’ පුද්ගලික සමාගම විසින් මෙම බලාගාරය ඉදිකර ඇත. විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මෙම අවස්ථාවට සහභාගි වනු ඇත.
රජය රුපියල් මිලියන 316ක වියදමින් ඉදි කළ දැදුරු ඔය විදුලිබලාගාරය කිලෝවොට් 1300 ක් ධාරිතාවයකින් යුක්ත වේ.
-පංචාලි අබේසේකර