පාස්කු කැබිනට් අනුකමිටුව වාර්තාව සකස් කර අවසන් . වාර්තාව අද ජනපති අතට !

Published in පුවත්
Monday, 29 March 2021 10:09

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයැබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත්කර ඇති කැබිනට් අනු කමිටුව සිය වාර්තාව සකස් කර තිබේන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල සදහන් කර තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, සිය වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදීම සඳහා අද දිනයේ වේලාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එම කැබිනට් අනු කමිටුව පසුගිය පෙබරවාරි මස 19 දින පත්කරනු ලැබීය.

අමාත්‍ය චමල් රාජපක්ෂගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුව සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල , රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් පත්කර තිබුණි.

මාර්තු 15 වන දිනට පෙර අදාළ කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබුණ ද ඒ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් කැබිනට් අනු කමිටුව විසින් අද දිනය දක්වා කල් ලබාගනු ලැබීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us