උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන රථ වැටලීමේ පුළුල් මෙහෙයුමක් !

Published in පුවත්
Monday, 29 March 2021 09:57

උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීමේ පුළුල් මෙහෙයුමක් රට පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබේ.

නීති කඩන බස් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ,ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගනිමින් මෙම මෙහෙයුම දියත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙරට මගී ප්‍රවාහන සේවා ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 6300ක් සහ පෞද්ගලික බස් රථ 20000කට ආසන්න ප්‍රමාණයක් රටපුරා ධාවනය වන අතර පොදු ප්‍රවාහනයේදී ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිපත්ති නොපිළිපදින බව පෙනී යයි. බස්නාහිර පළාතේ පමණක් ධාවනය වන පෞද්ගලික හා ලංගම බස් රථ සංඛ්‍යාව 7500ක් පමණ වේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පළකළ අදහස් ,

‘‘උත්සව සමයේ අධික වශයෙන් ජනතාව ගැවසෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය පිණිස ගාස්තු සංශෝධනයකුත් සහිතව බස් රථ සඳහා හඳුන්වාදී තිබෙනවා. එහෙත් සෞඛ්‍ය ප්‍රතිපත්ති බස් හිමියන් නොපිළිපදින බවට පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තදින්ම කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා'' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us