අනුරාධපුරයට නිවාස 135කින් සමන්විත මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක්

Published in පුවත්
Monday, 29 March 2021 09:45

නිවාස නොමැති කොළඹින් බැහැර ජන කොටස් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහන් මාලාව තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පාන්තික ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබාදීමේ නව නිවාස ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පසුගිය දා අනුරාධපුර නගරයෙන් ආරම්භ කෙරිණ.

අනුරාධපුර නගරයට ඇවිදින දුරකින් පිහිටි අක්කර 01 පර්චස් 66ක ඉඩමක මෙම නිවාස ඉදිකෙරේ. මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් වූවකි.
මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවන නිවාස මාදිලි දෙකකට අයත් වේ. ඉන් එක් වර්ගයක් වර්ග අඩි 900 කින් සමන්විතය. නිදන කාමර 03 ක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 03 ක්, ගබඩා කාමරයක් ඇතුළු නිවාස 54 ක් මේ යටතේ ඉදිකෙරේ.

දෙවෙනි වර්ගයේ නිවාස වර්ග අඩි 700 කින් සමන්විත වෙයි. එයට නිදන කාමර 02 ක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 02 ක්, පොදු හිස් අවකාශයක් ද ඇතුළත් වෙයි. ඒ යටතේ ඉදිවන නිවාස ගණන 81 ක් වන අතර ව්‍යාපෘතියේ මුළු නිවාස සංඛ්‍යාව 135 කි.
වසර 1 1/2 කින් වැඩ අවසන් කිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතිය වාහන 135 කින් යුත් නේවාසික රථගාලකින් සහ අමුත්තන්ගේ රථගාලකින් ද සමන්විත ය.

රුපියල් මිලියන 01 ක අත්තිකාරම් මුදලක් පළමුව ගෙවා මෙම නිවාසවල පදිංචි විය හැකි අතර ගිවිස ගන්නා නිශ්චිත කාලයක් තුළ ඉතිරි මුදල් ගෙවීමෙන් පසු නිවසේ හිමිකම පවරා දීමට නියමිතය.
සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම මෙම නිවාස ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි. නිවාස ව්‍යාපෘතියේ උපදේශකවරු ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කටයුතු කරන අතර නාගරික සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘති ඉදිකිරීම මෙහෙයවයි. මෙහි සම්පූර්ණ ආයෝජන රුපියල් මිලියන 1,600 කි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සමස්ත නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය කරනු ලැබේ.

-පංචාලි අබේසේකර

mahinda rajapaska

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us