බස්නාහිර පළාතේ සියලු පාසැල් අද විවෘත කෙරුණා !

Published in පුවත්
Monday, 29 March 2021 09:18

බස්නාහිර පළාතේ සියලු පාසැල් අද විවෘත කෙරුණා. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල පළමු ශ්‍රේණිය ද ඇතුළුව මෙතෙක් විවෘත නොකළ සෙසු ශ්‍රේණි මෙලෙස ආරම්භ කෙරුනේ.

කෙසේවෙතත් විශේෂ චක්‍රලේඛයක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශය පළාතේ සියලු විදුහල්පතිවරුන් වෙත දන්වා තිබුනේ පාසල් ආරම්භ කළ වහාම විභාග සහ වෙනත් තරගවලට දරුවන් යොමු නොකළ යුතු බවටයි.

එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු වන අතර ඒ අනුව සිසුන් පහලොව දක්වා සිටින පන්ති සෑම දිනකම පැවැත්විය යුතු වෙයි. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් සිසුන් කැඳවිය යුතු වන අතර සිසුන් සංඛ්‍යාව 30කට වැඩි නම් කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු යැයි ද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබේ. අධ්‍යයන හා අනධ්‍යයන සියලු කාර්ය මණ්ඩල සේවයට පැමිණිය යුතු බවත් එහි සඳහන් වෙයි. සෙසු පළාත්වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර පළමු වාරයේ නිවාඩුව අප්‍රේල් මස 09 වැනිදා ආරම්භ කෙරේ. දෙවැනි වාරය සඳහා පාසල් යළි ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් මස 19 වැනිදාය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us