නව විශේෂාංග සමඟ පිබිදෙන දියසරු උයන තෙත්බිම් උද්‍යානය

Published in පුවත්
Monday, 29 March 2021 09:27

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටි අවදියේ ගොඩනගන ලද කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන තෙත්බිම් උද්‍යානය වන දියසරු උයනට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මගේ උපදෙස් පරිදි නව විශේෂාංග රැසක් එකතු කොට පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

බත්තරමුල්ල, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පාරේ කිඹුලාවලට ආසන්නව දියවන්නා ඔය ඉදිරිපිට පිහිටා තිබෙන දියසරු උයන අක්කර 60 ක ජෛව විවිධත්වයකින් යුත් තෙත් බිමකින් සමන්විතය.

2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟ ම ඇතිවන නිදහස් වටපිටාව තුළ ඇරඹෙන කොළඹ අගනගර තෙත්බිම් ක්‍රමෝපාය සැලැස්ම යටතේ තෙත්බිම් ගුණාත්මකව පරිහරණය කරන ආකාරය පිළිබඳව සොයා බැලෙන පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ලෙස දියසරු උයන නම් කර තිබේ.
මෙම භූමිභාගය 1980 කාලයේ දී කුඹුරු යායක් ලෙස පැවැති අතර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ගොඩනැගීමේ දී සාදන ලද වැවේ රොන්මඩ ඉවත් කර දමා ඇත්තේ මෙම දියසරු උයන පිහිටි භූමිභාගයට ය.

එහිදි රොන්මඩ බහුල වීම මත විවිධ ශාක වර්ග ඇතිවීමත්, ගංවතුරින් යටවීමත්, මත්ස්‍යයින් බෝ වීම සහ විවිධ වර්ගවල පක්ෂීන්ගේ පැමිණීමත් හේතුවෙන් මෙම ප්‍රදේශය වටිනා ජෛව විවිධත්ව උරුමයක් බවට පත්ව ඇත.
යුද බිය පහ වී, ජනතාවට නිදහසේ ජීවත්වීමට අවස්ථාව ලැබීමත් සමඟ ම ඇරඹුණු නාවල නාගරික තෙත්බිම් උද්‍යානය, දියත උයන වැනි තෙත්බිම් උද්‍යානවලට සමඟාමීව ගොඩනැගුණු දියසරු උයන මේ වන විට විවිධ අවස්ථා සඳහා ජනතාව භාවිත කරති. විවිධ උත්සව අවස්ථා සඳහා ඡායාරූප ගැනීම් මෙන් ම රූගත කිරීම්, පරිසර වැඩමුළු සහ පාරිසරික පර්යේෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසකට අදාළ කටයුතු සඳහා දියසරු උයන යොදා ගනිති.

දියසරු උයනෙහි ඉතා යහපත් ජෛව පරිසර පද්ධතියක් පැවතීම, ප්‍රමාණවත් ඉඩක් තිබීම, ජලය, ශාක සහ වගුරුබිම් පැවතීම මෙන් ම මේ සියල්ල ස්වභාවික ක්‍රියාවලියට අනුකූලවීම නිසා මෙම භූමිය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.
දියසරු උයනෙහි ශාක වර්ග 150 කට වඩා අධිකව පවතින අතර මෙහි වසන සත්ත්ව කොට්ඨාශ අතරේ බත්කූරා නමින් හැඳින්වෙන සත්ව විශේෂය විවිධත්වයෙන් යුත් ගහනයක් ලෙස වර්ධනය වී ඇත. වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති හඳුන් දිවියන් මෙන් ම නිශාචර සතෙකු ලෙස හැඳින්වෙන දිය බල්ලා, විවිධ වර්ගයේ සමනලුන් සහ පක්ෂීන් ඒ අතර දක්නට ලැබෙයි. මෙහි දේශීය ශාක අතර කදුරු, වෙල්ආතා, හබරල, ගොඩපර සහ හුනු කිරිල්ල වැනි දේශීය ශාක දක්නට ලැබේ.

ඉදිරියේ දී රටවල් 179ක එකතුවෙමින් සෑදුනු ලෝක තෙත්බිම් සමුළුළු දියසරු උයන භූමියේ දී පැවැත්වීමට නියමිතය. ලංකාවේ නාගරික තෙත්බිම්වල මහගෙදර ලෙස හැදින්වෙන දියසරු උයන ලංකාවේ එකම නාගරික තෙත්බිම් මධ්‍යස්ථානයයි. දියසරු උයන සඳහා මේ වන විට රුපියල් මිලියන සියයකට ආසන්න මුදලක් වියදම් කර ඇත.

දියසරු උයන බිහිකිරීමේ පර්යේෂණවල දී එකිනෙකට වෙනස් වෘත්තීන්ට ගැලපෙන ස්ථාන, එම වෘත්තීන්ට අනුකූලව කළමනාකරණය කර ගැනීමේ හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමුකර තිබේ. ඒ යටතේ ගොඩනැගූ ස්ථාන මඟින් පෙර පාසලේ සිට පශ්චාත් උපාධිය දක්වා බාහිර විෂය දැනුමක් දියසරු උයනෙන් ලබා ගැනීමේ හැකියාව මෙම භූමියෙන් ලබාගැනීමට හැකිවන පරිදි මෙම භූමිය ගොඩනඟා තිබීම විශේෂත්වයක් වේ.
දියසරු උයනෙහි දැනට භාවිත කරනු ලබන්නේ මෙයට පෙර මෙහි භාවිත කළ ගොඩනැගිලි වීම තවත් විශේෂත්වයකි. දියසරු උයනෙහි අනෙක් විශේෂත්වය වනුයේ කිසි දිනෙක වැඩ අවසන් නොවීමයි.

ඒ අනුව දියසරු උයන දිනෙන් දින පරිණාමයට ලක් වෙමින් නිතර නිතර අලුත් වෙයි.
කොළඹට ඉතා නුදුරින් පිහිටි දියසරු උයන දුර්ලභ සතුන් හා ශාඛ විශේෂවලින් ද සමන්විත තෙත්බිම් උද්‍යානයක් වන බැවින් දරුවන් සමඟ ජනතාවට විවේකි සුවයෙන් ගත කළ හැකි කදිම ස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හඳුන්වනු ලබයි. දියසරු උයනෙහි අසිරිය විඳ ගැනීම සඳහා ජනතාව තුළ පවතින උන්නදුව ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.

diyasaru1

diyasaru2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us