ඉදිරියේ දී පළාත් සභා ඡන්දය තියනවා. - ජොන්ස්ටන් ප්‍රනාන්දු

Published in පුවත්
Sunday, 28 March 2021 20:25

ඉදිරියේ දී පළාත් සභා ඡන්දය පවත්වන බවත් පළාත් සභාව හොද නැත්නම් ව්‍යවස්ථාවක් ගෙනත් ඒක වෙනස් කළ යුතු බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ පැවැසීය.

පළාත් සභා මැතිවරණය තියන්න තිබ්බෙ මීට කලින්. ඒක වැලැක්වුවේ ප්‍රේමදාස මහත්තයා හිටපු යහපාලන ආණ්ඩුව. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ නැහැ. අවුරුදු දෙකක් කල් දැම්මා. එයින් ඔවුන් පැරදුනා. ඔවුන් පළාත් සභා පනත වෙනස් කරා. ප්‍රාදේශීය සභා ඡන්දය පැරදුන නිසා පළාත් සභා මැතිවරණය නොතියන්න කටයුතු කළා. ඕනම ඡන්දයක් කලට වෙලාවට තියන්න ඕනා. අපේ මතය නම් කලට වෙලාවට ඡන්දය තියන්න ඕන කියන එක. අපිත් ඡන්දය තියන්නේ නැති එකට විරුද්ධව පෙනී හිටිය අය. මේ රටේ ඡන්ද කලට වේලාවට තිබිය යුතුයි. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.

මමත් මුලින් හිටියේ පළාත් සභාවේ. අදටත් ඒ පළාත් සභාව තියනවා. ඒකෙ රාජ්‍ය නිලධාරීන් සේරම ඉන්නවා. නැත්තෙ ජනතා නියෝජිතයන් විතරයි. සමහරු පළාත් සභා අවශ්‍ය නැහැ කියලා කියයි. නමුත් හෙට පළාත් සභා අවශ්‍ය නැහැ කිව්වොත් රාජ්‍ය නිලධාරීන් ඉතුරු වෙනවා. පළාත් සභා නැහැ කියලා පළාත් සභා වල රාජකාරී කරන රාජ්‍ය නිළධාරීන්ව ගෙදර යවන්න බැහැ. පළාත් සභා වලින් දේශපාලනඥයන්ට කරන වියදම් විතරයි අඩුවෙලා තියෙන්නේ. පලාත් සභාව හොද නැත්නම් ව්‍යවස්ථාවක් ගෙනත් ඒක වෙනස් කළ යුතුයි. නමුත් අද වෙද්දි නීත්‍යානුකුලව පලාත් සභාව තිබිය යුතුයි. ඒ නිසා ඉදිරියේ දී පලාත් සභා ඡන්දය පැවැත්වෙනවා .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ...

දැන් විපක්ෂයේ අලුත්ම නාටකය තමයි දියවන්නාවේ වතුර කහපාට වෙලා තියනවා කියන එක. එතුමාගෙ තාත්තා ජනාධිපතිවෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පොකුණේ වතුර ටික යවන්නේ දියවන්නා ඔයට. නමුත් දැන් දියවන්නාවෙ වතුර කහපාට වෙලා තියෙන්නේ ඒ වතුර යවලා නෙවෙයි. ඇල්ගී විශේෂයක් ඇවිත් තියනවා මේ වතුරට. මේ තත්ත්වය මාස දෙකක් පුරාවට තියෙනවා. මේ සම්බන්ධ වාර්තා මම හොඳින් බැලුවා.

ඒ වතුරේ ස්වරූපයටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අල්ලාගෙන මතයක් ගොඩනගන්න විපක්ෂය හදනවා. තමන්ගේ පාර්ලිමේන්තුව පහලට දමන්න හදනවා. මේ තමයි ඔහු කටයුතු කරන ආකාරය. ඔහු තමයි ඔහුගේ නිවාස හදන ව්‍යාපෘතියෙදි ගස්කපනව බලාගෙන හිටිය නායකයා. ඒ වගේම රිෂාඩ් බදියුර්දීන් අක්කර සිය ගානක් කපද්දි නිශ්ශබ්දව හිටපු නායකයා තමයි අද මේ දැන් අපේ ආණ්ඩුව ගස් කපනවා කියලා ඇගිල්ල දික්කරලා කෑගහන්නේ. අපි පරිසරයට ආදරෙයි. අපි අපේ අමාත්‍යාංශය හරහා විතරක් පැල මිලියනයක් රෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් අපි පැල 75,000 තවන් දාලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක පරිසරයට ආදරය කරන ආණ්ඩුවක් කියලා. ඔවුන් තාවකාලික වින්දනයක් ලබනවා අපි පරිසරයට හානි කරනවා කියලා.

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us