නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතුයි - නිමල් සිරිපාල

Published in පුවත්
Saturday, 27 March 2021 09:39

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ ප්‍රකාශ තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී අමාත්‍යවරයා පලකළ අදහස් ,

"එහි තිබෙන ප්‍රධානම කාරණා තමයි බුද්ධාගම සුරක්ෂිත කිරීම සහ එයට ප්‍රමුඛත්වය ලබාදීම කියන වගන්ති ඇතුළත්ව තිබීම. මෙම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය වෙනස් වෙන්නට ඕනේ. පරිසරය සුරක්ෂිත කිරීම, මිනිසුන්ට වගේම සතුන්ට සිදුකරන වද හිංසා පිළිබඳව ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන්න ඕනේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අධිකරණ බලය පළාත්බද මහාධිකරණවලට ලබාදිය යුුතුයි කියලත් අපි යෝජනා කරනවා. පළාත් සභා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරලා තියෙන්නේ තවදුරටත් බලය විමධ්‍යගත කිරීමේ සංකල්පයට අපි එකඟයි, ඒ අනුව දිස්ත්‍රික් සභා ක්‍රමයක්, පැරණි තිබුණු සෙනෙට් සභාවට සමාන දෙවෙනි මන්ත්‍රණ සභාවක්. නියෝජිතයිත් සහ විද්වතුන් එකතු කරලා ඒ සභාව සෑදිය යුතුයි. අපි විශේෂයෙන්ම කියා සිටිනවා නව ව්‍යවස්ථාවෙන් මනාප ඡන්ද ක්‍රමය නැති කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිය සැරෙත් රැවට්ටුවා. අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේ 20වන ව්‍යවස්ථා සංශෝධනය නමින් මනාප ක්‍රමය නැති කරලා ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙකු පත්කරන ක්‍රමයක් ලබාදෙන පොරොන්දුව මත."යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us