ආනයනික පොල්තෙල්වල සියයට 40 ක් පමණ විෂ රසායනික

Published in පුවත්
Friday, 26 March 2021 14:37

මෙරටට ආනයනය කරන පිරිපහදු නොකරන ලද පොල්තෙල්වල සියයට 40 ක් පමණ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අන්තර්ගතවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඊට හේතුවී ඇත්තේ ලාභදායී පොල්තෙල් ගෙන්වීමට සමාගම් ක්‍රියා කිරීම හේතුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකරන ලද පොල්තෙල් තොගය සම්බන්ධයෙන් අද (26) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රශ්න කෙරුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අදාළ පොල්තෙල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසුද යන්න පිළිබදව නැවත පරීක්ෂා කරන තෙක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවා ඇති බවය.

මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ ඒකකය නිර්දේශකර ඇති අදාළ පිරිපහදු නොකරන ලද පොල්තෙල් තොගය විනාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සඳහන් කළේ එම පොල්තෙල් තොගය මුදාහැර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

කෙසේ වුවද එය ප්‍රතික්ෂේප කළ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙරටට ලාභදායී පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හේතුවෙන් එම පොල්තෙල්වලින් සියයට 40 ක පමණ ප්‍රතිශතයක් විෂ රසායනික ද්‍රව්‍යවලින් සමන්විත බවය.

"මේ ගෙනල්ලා තියෙන පොල්තෙල් තොගය තුළ විශාල ප්‍රතිශතයක් ඇෆලටොක්සින් තියෙන නිසා ඒක සම්පූර්ණයෙන්ම පිරිපහදු කළත් ඒක යන්නේ නැති නිසා ඒ වාර්තාව එවලා තියෙනවා. ඒ නිසා මාර්තු 4 වැනිදා ඒක ප්‍රතිඅපනයනය කරන්න කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වලා තියෙනවා. දිගින් දිගටම පොල්තෙල් මේ විදිහට අපේ රටට ආනයනය කරනවා. මේ ආනයනය කරන අය කියනවා අඩුවට තියෙන එකක් එවන්න කියලා. එහෙම එවන්න එහෙ ඉන්න අය කරන දේ තමයි සියයට 60ක් පොල්තෙල් දාලා සියයට 30ක් විෂ සහිත කෘතිම තෙල්වර්ග දාලා තවත් සියයට 10ක් එකතු කරනවා පොල්තෙල්වල සුවඳ. පිරිපහදු නොකරන පොල්තෙල් ගේන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න කියලා තමයි අපි කියන්නේ,"

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us