ප්‍රහාරය පිළිබදව තාම කිසිදු දැනුම්වත්වීමක් සිදුවුයේ නැහැ ! මෛත්‍රීපාල

Published in පුවත්
Friday, 26 March 2021 14:05

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුම්වත්වීමක් නොතිබු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති සිරිසේන මේබව ප්‍රකාශ කර ඇත්තේ පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට අද (26) එක්වෙමින්ය.

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය තුළ 2015 වසරේ සිට තම අවදානය යොමුකළ බවද ඔහු එහිදී සදහන් කර තිබේ.

කෙසේවෙතත් ඔහු පෙන්වා දෙන්නේ පාස්කු කොමිසමේ සාක්ෂි මගින්ද මෙම ප්‍රහාරය පිළිබදව තමා දැනුම්වත් වී නොසිටි බව එහි සදහන්ව ඇති බවයි.

"මේ මහා ප්‍රහාරය සිදු වුණාට පසු එදා මගේ ආණ්ඩුවෙන්ම මටත් ගහන්න ගත්තා. විපක්ෂයෙන් මට ගහන්න ගත්තා. හැම තැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ. මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා. මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නෑ. එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් මම ම්ලේච්ඡයෙක් නෙමෙයි. මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මේ ඛේදවාචකය වෙන්න මම ඉඩ තියන්නේ නෑ. ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මගහරින කෙනෙක් කියලා කවුරුහරි කියනවා නම් ඒක කියන කෙනාගේ මොළේ අමාරුවක් තියෙන්න ඕනේ." යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us