ඊයේ (04) රාත්‍රීයේ රැස්වු පක්ෂයේ නියෝජිත හමුව සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මෙම පියවරගත් බව සඳහන් කර තිබේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් තීරණ රැසක් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පක්ෂය තුළ නොමැති බවය.
මේ පිලිබදව අදහස් පළ කල පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ,
"නව නිලධාරී මණ්ඩලය පත්වෙලා ප්‍රථම වතාවට පක්ෂයට නව කළමනාකාර කමිටුවක් පත් කරගනු ලැබුවා. ඉදිරි වසරක් එකහමාරක කාලයක් තුළ නිශ්චිත වැඩපිළිවෙලක් පසුවිපරම් සහිතව ක්‍රියාත්මක කරන්නයි අපේක්ෂා කරන්නේ."යනුවෙන් සදහන් කර ඇත.
-පංචාලි අබේසේකර