භාණ්ඩ 27ක් ස්ථාවර මිළ ගණන් යටතේ අලෙවි කිරීමේ වැඩපිළිවෙල ඉකුත් පෙබරවාරි මාසයේදී ආරම්භ කෙරුණා.එම ස්ථාවර මිළ ගණන් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක තුළද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම භාණ්ඩ ස්ථාවර මිල ගණන් යටතේ රජය විසින් මිළදී ගෙන සහන මිළට පාරිභෝගිකයාට අලෙවි කෙරෙන අතර එය හේතුවෙන් සතොස පසුගිය ජනවාරි මාසයට වඩා 55%ක ඉහළ අදායමක් ලබා ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.
කෙසේවෙතත් මෙම වසර තුළදී ''මෙගා සතොස '' අලෙවිසැල් දිවයින පුරා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.
-පංචාලි අබේසේකර